Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සයුරු තෙර සහන් බිම

සයුරු තෙර සහන් බිම

About this book
යුරෝපය තුළ දෙවැනි ලෝක යුද්ධයේ ගිනිදැල් ඇවිළෙද්දී ඔවුහු සංක්‍රමණික ජීවිතයකට මුල පිරූහ. 1939 සැප්තැම්බර් 03 වැනිදා චිලී පොළොව මතට ඔවුන් පා තැබුවේ තෙවසරක ස්පාඤ්ඤ සිවිල් යුද්ධය නිසා සියලු දෙයක්ම අත්හැර දමා ආ සරණාගතයන් ලෙසිනි. එහෙත් තරුණ වෛද්‍යවරයකු වු වික්ටර් දල්මව්, අත්හැර දැමිය නොහැකි වගකීමකින් බැඳි සිටියේය. ඒ, යුද බිමේදී දිවි පිදු සිය සොයුරාගේ සහකාරිය වු රෝසර් ගේ දෛවය ද ඔහුට බාරව තිබු හෙයිනි. පියානෝ වාදන ශිල්පිනියක වූ ඇය ඒ වන විටත් ගැබිනියකව සිටියාය.
මහා කවි පැබ්ලෝ නෙරූදා ස්පාඤ්ඤ සරණාගතයන්ගේ ගැලවුම්කාරයා විය. බාසිලෝනාවේ සිට ප්‍රංශය කරා ඇදුණු මේ ජනකාය නෙරූදා විසින් සංවිධානය කර දුන් විනිපෙග් නෞකාවේ නැඟී එදා යාත්‍රිකයන් ලෙසින් චිලී දේශය බලා ගියේ දෛවෝපගත ගමනකි.
චරිත ජාලයක පැටළුණු වික්ටර් - රෝසර් අඩ සියවසක වෘත්තාන්තය නව යෞවනයේ ආදර බැඳීම්, සිත් කම්පාවීම්, සැරිසැරීම්, වියෝවීම් මධ්‍යයේ පරම්පරා හතරක් ඔස්සේ ගලා යයි.
ඉසබෙල් අයියන්දේ ඓතිහාසික නවකතාකාරියක ලෙසින් මෑතකදී සිය ශක්‍යතා ඉහළින්ම ප්‍රකට කළ කෘතිය “A Long Petal Of the Sea” යන්න විචාරක මතයයි.
Details
ISBN
9789553123886
පිටු ගණන (Pages)
454
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: සයුරු තෙර සහන් බිම

Reviews are published once a member of our team has read them.