Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අභීත දියණියෝ

අභීත දියණියෝ

About this book

ඈන්මරීගේ වයස අවුරුදු දහයකි. බොහෝ දරුවන් ශක්තිමත් පෞද්ගලික ආචාරධර්ම කදම්බයක් විකසනය කර ගැනීම අරඹන්නේ මෙම වයසේදී ය. අවංක මිනිසුන් වීමට ඔවුන්ට අවශ්‍ය ය. නිවැරදි දේ කිරීමට ඔවුන්ට අවශ්‍ය ය. එමෙන්ම ඔවුන් ජීවත් වන ලෝකයේ නිවැරදි දේ කිරීම නිතරම පාහේ දුෂ්කර බව ද, ඇතැම්විට අනතුරුදායක බව ද, බොහෝ දෙනා නුරුස්සන බව ද  ඔවුහු වටහා ගැනීමට පටන් ගනිනි. භයානක අවස්ථාවකට මුහුණ පෑ ඈන්මරී තීරණ ගැනීම සිදු කළ යුතුම මොහොතක් එළඹෙයි. 

ඇයට පහසුවෙන් කළ හැකි දේ කිරීමට ඉඩ තිබුණි. සිය මිතුරාට පිටුපෑමට හැකියාව තිබුණි. නමුත්, ඈනමරී ගැඹුරු හුස්මක් ගෙන, කැලයට ඇතුළු වී, අනතුරට මුහුණ පාමින්, සතුරාට එරෙහි වී ජය ලබද්දී මෙය කියවන දරුවෝ සතුටින් ඉපිළ යති. කොතරම් අපහසු වුවත්, වේදනාකාරී වුවත් නිවැරදි දේ කිරීම තුළින් ලැබෙන ආත්ම තෘප්තිය සිතක ජනනය කරවන ප්‍රහර්ෂය අත්විඳින්නට අපිත් අපේ දරුවන්ට හුරු කරවමු. 

ISBN
9786245519415
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අභීත දියණියෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.