ඇදුරුතුමාගේ අවසන් පාඩම
මම මේ පොතට ආශා කරන්නෙමි... සත්‍ය කතාවක් වන එහි දීප්තිය සදාකල්හි ම ඔබට
ස්නේහවන්ත වන උත්තර දීප්තියක් ම වනු ඇත.
ජනප්‍රිය චීන-අමෙරිකානු ලේඛිකා - ඇමී ටෑන්
ඔහු ගුරුවරයෙකු, සගයෙකු හෝ මවක හෝ පියකු විය හැක. තැන්පත් හා නැණවත් වැඩිහිටියෙකු ලෙස තරුණ, උද්‍යෝගීවන්ත වියේ දී ඔබ ව තේරුම්ගෙන, ලෝකය වඩා අත්‍යාධික තැනක් ලෙස බැලීමට හා ඒ තුළින් ඔබේ ගමන් මඟ සකසා ගන්නට, යහපත් අවවාද දෙමින් ඔබට මාර්ගෝපදේශකත්වය දුන්නේ ඔහු හෝ ඇය යි. මිච් ඇල්බොම්ට එලෙස අත්වැල වූයේ මීට විසි වසරකට පෙර ඔහුට ඉගැන්වූ මහාචාර්ය මොර් ෂ්වාර්ට්ස් ය.
සමහරවිට, මිච් මෙන් ම ඔබට ද කාලය ගෙවී ගොස්, ප්‍රතිවේධයන් වියැකී, ලෝකය උදාසීන ව දිස්වන අවධිය වන විට උපදේශකයා මතකයෙන් ගිලිහී තිබෙන්නට පුළුවන. එම පුද්ගලයා යළි බැහැ දැක, තරුණ වියේ දී කළ අයුරින් ම තවමත් ඔබ සමඟ නිති ගැවසෙන භාරදූර ප්‍රශ්න පිළිබඳ ව, ඔහු විමසා ඔබගේ කාර්යබහුල ජීවිතයට අවශ්‍ය ප්‍රඥාව ලබා ගැනීමට ඔබට කැමැත්තක් නැත්ද?.
මිච් ඇල්බොම්ට එම දෙවන අවස්ථාව හිමිවූයේ, වයෝවෘද්ධත්වයේ අවසන් මාස කිහිපය ගෙවමින් සිටි මොරී යළි හමුවීමෙනි. ඉන් උද්දීපනය වූ ඔවුන්ගේ සබඳතාව දෙදෙනාගේ අවසාන පන්තිය බවට පෙරළුණි. ජීවිතය ගත කළ යුත්තේ කෙසේද යන්නට ද ගුරුහරුකම් ලැබිණ. tuesday's with Morrie ඔවුන් එක් ව ගෙවූ කාලයේ සිද්ධීන් අනුපිළිවෙළින් වාර්තා කරන අනුවේදනීය සත්‍ය කතන්දරයයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.