Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / දාර්ශනික / අධ්‍යාපනයේ දාර්ශනික පදනම

අධ්‍යාපනයේ දාර්ශනික පදනම

About this book

ජාතික අධ්‍යාපන ආයතනය මගින් පැවැත්වෙන අධ්‍යාපන ඩිප්ලෝමා, සහ අධ්‍යාපනවේදී පාඨමාලාවල 'අධ්‍යාපනයේ දාර්ශනික පදනම’ විෂය ඉගැන්වීමේ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කරන එච්.එම්. චන්ද්‍රසේකර මහතා විවෘත විශ්වවිද්‍යාලයේද බාහිර කථිකාචාර්යවරයෙකි. දිගුකලක් ඉගැන්වීම, අත්දැකීම් හා පළපුරුද්ද තුළින් අධ්‍යාපනයේ දාර්ශනික පදනම පිළිබඳ මෙම කෘතිය සාරගර්භ වී ඇතිවා සේම අදාළ පාඨමාලා ලාභීන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඒ සඳහා ප්‍රතිඋපකාරක වශයෙන් ලියවී ඇත.

ප්‍රථම උපාධිය (ගෞරව), අධ්‍යාපන ඩිප්ලෝමා, අධ්‍යාපනපති, වැනි දේශීය විශ්වවිද්‍යාලයීය උපාධිවලට අමතරව, කැනඩාවේ සයිමන් ප්‍රෙෂර් විශ්වවිද්‍යාලයෙන් ගුරු අධ්‍යාපන ඩිප්ලෝමාවක්ද, ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණ පුහුණුවක්ද, ඉන්දියාවේ නව දිල්ලියෙන් ආපදා කළමනාකරණ පුහුණුවක්ද ලැබගත් චන්ද්‍රසේකර අධ්‍යාපනය පිළිබඳ විශාරද දැනුමැත්තෙකි. එසේම ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ ප්‍රථම පංතියේ නිලධාරියකු වූ එතුමා හාපිටිගම, ඌව, හා වයඹ යන අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපති වශයෙන් මෙරට ගුරු අධ්‍යනපනයට විශිෂ්ට සේවාවක් සිදුකළ ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥයෙකි. ඔහුගේ මෙම කෘතියද ගුරු වෘත්තිකයන්ට මහත් සේ වැඩදායක වනු නොඅනුමානය.

කොළඹ විශ්වවිද්‍යාලයේ

සේවාර්ජිත මහාචාර්ය අධිනිතීඥ

රෝලන්ඩ් අබේපාල

ISBN
9789555846394
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අධ්‍යාපනයේ දාර්ශනික පදනම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.