අධ්‍යාපනයේ දාර්ශනික පදනම

Special Price රු. 360.00 Regular Price රු. 400.00
In stock
SKU
adyapanaye-darshanika-padanama-s-m-chandrasekara-sara-publishers

ජාතික අධ්‍යාපන ආයතනය මගින් පැවැත්වෙන අධ්‍යාපන ඩිප්ලෝමා, සහ අධ්‍යාපනවේදී පාඨමාලාවල 'අධ්‍යාපනයේ දාර්ශනික පදනම’ විෂය ඉගැන්වීමේ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කරන එච්.එම්. චන්ද්‍රසේකර මහතා විවෘත විශ්වවිද්‍යාලයේද බාහිර කථිකාචාර්යවරයෙකි. දිගුකලක් ඉගැන්වීම, අත්දැකීම් හා පළපුරුද්ද තුළින් අධ්‍යාපනයේ දාර්ශනික පදනම පිළිබඳ මෙම කෘතිය සාරගර්භ වී ඇතිවා සේම අදාළ පාඨමාලා ලාභීන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඒ සඳහා ප්‍රතිඋපකාරක වශයෙන් ලියවී ඇත.

ප්‍රථම උපාධිය (ගෞරව), අධ්‍යාපන ඩිප්ලෝමා, අධ්‍යාපනපති, වැනි දේශීය විශ්වවිද්‍යාලයීය උපාධිවලට අමතරව, කැනඩාවේ සයිමන් ප්‍රෙෂර් විශ්වවිද්‍යාලයෙන් ගුරු අධ්‍යාපන ඩිප්ලෝමාවක්ද, ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණ පුහුණුවක්ද, ඉන්දියාවේ නව දිල්ලියෙන් ආපදා කළමනාකරණ පුහුණුවක්ද ලැබගත් චන්ද්‍රසේකර අධ්‍යාපනය පිළිබඳ විශාරද දැනුමැත්තෙකි. එසේම ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ ප්‍රථම පංතියේ නිලධාරියකු වූ එතුමා හාපිටිගම, ඌව, හා වයඹ යන අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපති වශයෙන් මෙරට ගුරු අධ්‍යනපනයට විශිෂ්ට සේවාවක් සිදුකළ ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥයෙකි. ඔහුගේ මෙම කෘතියද ගුරු වෘත්තිකයන්ට මහත් සේ වැඩදායක වනු නොඅනුමානය.

කොළඹ විශ්වවිද්‍යාලයේ

සේවාර්ජිත මහාචාර්ය අධිනිතීඥ

රෝලන්ඩ් අබේපාල

Author එච්. එම්. චන්ද්‍රසේකර - H. M. Chandrasekara (1)
Publisher සාර ප්‍රකාශන - Sara Prakashana (4)
More Information
ISBN 9789555846394
පිටු ගණන 136
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අධ්‍යාපනයේ දාර්ශනික පදනම
Back to Top