අග්‍රශ්‍රාවක මුගලන් මහ රහතන් වහන්සේ
සම්බුදු සසුනෙහි අග්‍රශ්‍රාවක උත්තමයන් වහන්සේලා පිළිබඳ විස්තර ඇතුළත් ග්‍රන්ථ අතරත රාජකීය පණ්ඩිත පූජ්‍ය මගුරේ සුමේධ හිමියන් විසින් රචිත “අග්‍රශ්‍රාවක මුගලන් මහ රහතන් වහන්සේ” නමැති මෙම කෘතිය සුවිශේෂී කෘතියකි. හුදෙක් චරිත විස්තරම වර්ණනාවට ලක්කරනවා වෙනුවට අග්‍රශ්‍රාවකයන් වහන්සේලා බැඳුණු ධර්මකාරණා සාකච්ඡා කිරීම මෙහි විශිෂ්ටත්වයට හේතු සාධකයෝය.
සූත්‍ර, ගෙය්‍ය, ව්‍යාකරණාදී නවාංග සත්තු ශාසනය මිණි මුතු අතුරෙහි දිවෙන රන් හුයක් මෙන් දෑගසව් උත්තමයන් වහන්සේලාගේ අසහාය චරිතය විරාජමානව දිස්වෙයි. එසේ අපරිමිතව පතළා වූ අග්‍රශ්‍රාවක කීර්ති ශේෂ චරිත කථා ගිහි පැවිදි සමාජයනට තම ජීවිත ලෞකික, ලෝකෝත්තර වශයෙන් ගොඩනගා ගැනීමට මහත් ආදර්ශයෙකි. එකී ව්‍යායාමය සඵලත්වයට පත්කර ගැනීමට මෙම කෘතිය බහූපකාරී වනු නිසැකය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.