බුදුරජාණන් වහන්සේ හා බ්රාහ්මණ සමාජය
ඉන්දීය සමය දර්ශන ඉතිහාසයෙහි බ්රාහ්මණයෝ කේන්ද්රීය වැදගත්කමක් උසුලයි. වෛදික චින්තනයේ පටන් උපනිෂද් යුගය දක්වා විශ්වය හා සත්වයා පිළිබඳ සාමයීක හා දාර්ශනික විකල්පනයන්හි ඔවුහු නිරත වූහ. එමඟින් ජන සමාජයේ ප්රභූත්වයට පත් ඔවුහු ස්වීය ආධිපත්යය තහවුරු වන සංරක්ෂණශීලී සමාජ දර්ශනයක් මගින් සියලු ආගමික, සාමාජික හා දේශපාලනික ක්රියා මාර්ග විෂයෙහි තම චින්තනය විසරණය කළහ.
බුදුරදුන් හමුවෙහි වාද හා සංවාද පිණිස එක්වූ විවිධ බ්රාහ්මණයන් පිළිබඳ ප්රවෘත්ති ත්රිපිටකය පුරා විසිර පවතියි. ඔවුන්ගේ නැණ රණ විකුම් බුදුන් හමුවෙහි පසුබා ගිය අයුරු හා තියුණු නැණැති බමුණන් සම්බුදු දහමෙහි ගැඹුරු යථාර්ථයන් මැනවින් පැහැද දැන බුදු සව්වන් වූ අයුරු ද එයින් උගත හැකිය. එතකුදු වුවත් මේ රසවත් සංවාද හා ඒ පසුබිමේ පවත්නා සමාජ ආගමික තොරතුරු විධිමත්ව හැදෑරීමක් හෙළ බසින් නොතිබීම පාඩුවක්ව පැවතිණ. පූජ්ය රද්දැල්ලේ පඤ්ඤාලෝක අනුනායක ස්වාමීන්ද්රයන් වහන්සේගේ මේ කෘතිය පූර්වෝක්ත අවශ්යතාව මැනවින් සපුරයි. මහත් අභිරුචියෙන් කියැවිය හැකි මෙම ධර්ම ශාස්ත්රීය කෘතිය බුදු දහම, බෞද්ධ ශිෂ්ටාචාරය හා භාරතීය චින්තනය හදාරණ කාහටත් වැඩදායී බව පෙනේ.
මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.