Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / සරල,නිරවුල් පාලි වියරණය
About this book

පාලි භාෂාව රාව ප්‍රතිරාව නංවන ගීතාත්මක රිද්මයක් ඇති හැඩගැන්වීමේ දී ලලිත ස්වරයෙන් පිරිපුන් භාෂාවකි. පාලි භාෂාව යනු ප්‍රකෘත බස් පරම්පරාවෙන් පැවත එන බුදුදහම හා සබැඳි භාෂාවකි. බුදුදහම පරිශීලනයේ දී පාලි භාෂාවේ දැනුම වැදගත් වේ. මන්ද යත්, ත්‍රිපිටකය වැනි පාරිශුද්ධ ග්‍රන්ථ ලියා ඇත්තේ එම භාෂාවෙනි. ථේරවාදී බුදුදහමේ මාධ්‍ය භාෂාව බවට පත්ව ඇත්තේ ද පාලි භාෂාවයි.

වළගම්බා රජ සමය තෙක් කට පාඩමෙන් රැකගත් ත්‍රිපිටකය වළගම්බා රජතුමාගේ අනුග්‍රහයෙන් ග්‍රන්ථාරූඪ විය. එතැන් පටන් වර්තමානය දක්වා ම ග්‍රන්ථ රචනා කිරීම සිදුවේ. එම පරපුරේ යතිවරයාණන් වහන්සේ නමක් වන කොට්ටවගම ධම්මජෝති හිමියෝ මූලික පිරිවෙන් අධ්‍යාපනය ගා/ශ්‍රී ආඳිච්චවංස පිරිවෙනෙන් ද උසස් අධ්‍යාපනය ගා/ශ්‍රී සරණපාල මහ පිරිවෙනෙන් ද ලබා ප්‍රාචීන භාෂෝපකාර සමාගමින් රාජකීය පණ්ඩිත උපාධිය ද, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලබා ගත්හ. ගාල්ල බද්දේගම ශ්‍රී සරණංකර පිරිවෙනේ ආචාර්යවරයෙක් ලෙස කටයුතු කළ උන්වහන්සේ දැනට උඩුමලගල ආඳිච්චවංස පිරිවෙනේ ආචාර්යවරයෙක් ලෙස කටයුතු කරති. අපේ කොට්ටවගම ධම්මජෝති හාමුදුරුවන් වහන්සේගේ අතින් පැහැදිලි බසින් ලියැවුණු මෙම ග්‍රන්ථය අප අගය කළ යුතු ම ය. මන්ද යත්, එදා අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියන් පාලි භාෂාව උගත්තේ එවකට සිරගතව සිටි ලෙව්කේ රාළගෙනි. එවන් අපහසුතා මධ්‍යයේ උගත් භාෂාමය දැනුම ගුරු පරපුරෙන් උගත් දැනුම මතු පරපුර වෙනුවෙන් මෙලෙස ග්‍රන්ථයක් රචනා කරමින් කළ කැපකිරීම මතු පරපුරට ලැබෙන මහත් භාග්‍යසම්පන්න නිධානයක් බැවිනි.

පාලි භාෂාව හදාරන සිසුන්ට මෙන්ම අන් අයට ද මෙම ග්‍රන්ථය තුළින් පාලි භාෂාව ඉගෙනීමෙහිලා මහත් උපකාරයක් වනු ඇත.

- කෙහෙල්ඕවිටිගම නන්දාලෝක හිමි
බර්මින්හැම් මහා විහාරය, එංගලන්තය.

ISBN
9789550822935
පිටු ගණන (Pages)
126
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සරල,නිරවුල් පාලි වියරණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.