Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / මිළිඳු රාජ ප්‍රශ්නය 3

මිළිඳු රාජ ප්‍රශ්නය 3

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

"මහරජාණෙනි, යම් කරුණක් නිසා සම්මා සම්බුදුවරු දෙනමක් එක්වර නූපදින සේක් නම් මේ කාරණය ත් එහිලා අර්ථ වශයෙන් ගත මැනැව.

එසේ වුව ද මහරජාණෙනි, එක ම බුදුරජාණන් වහන්සේ නමක් පමණක් ලෝකයෙහි එක්වරකට පහළ වෙති යන මේකරුණ භාග්‍යවත් බුදුවරයන් වහන්සේලාගේ ස්වභාවික වූ ත්, ප්‍රකෘති වූ ත් ධර්මතාවකි. ඒ කවර කරුණක් නිසා ද යත්, සර්වඥ බුදුවරයන් වහන්සේලාගේ ගුණය අතිශයින් ම මහත් බැවිනි.

මහරජාණෙනි, ලෝකයෙහි අනඝ වූ සුවිශාල දෙයක් ඇත්නම්, එය ද ඇත්තේ එකක් වශයෙනි. මහරජාණෙනි, පෘථිවිය යනු ඉතා මහත් දෙයකි. එය ද එකකි. සාගරය යනු සුවිශාල දෙයකි. එය ද එකකි. සිනේරු පර්වතය යනු සුවිශාල දෙයකි. එය ද එකකි. ආකාශය යනු සුවිශාල දෙයකි. එය ද එකකි. සක් දෙවිඳු යනු සුවිශාල චරිතයකි. එය ද එකකි. මාරයා යනු සුවිශාල චරිතයකි. එය ද එකකි. මහා බ්‍රහ්මයා යනු සුවිශාල චරිතයකි. එය ද එකකි. තථාගත අරහත් සම්මා සම්බුදුරජුන් යනු අතිශයින් ම සුවිශාල වූ, සකල ගුණාධර්ම රත්නයන්ගෙන් පිරිපුන් වූ අසිරිමත් චරිතයකි. එය ලෝකයෙහි එක ම එකකි. යම් තැනක ඒ සුවිශාල පෘථිවිය ආදිය හටගන්නේ ද, එහිලා එබඳු වූ තවත් දෙයක් හටගැනීමට එතැන අවකාශ නැත්තේ ය."

ISBN
9789556862324
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මිළිඳු රාජ ප්‍රශ්නය 3

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.