ඇහිඳින ඉමිහිරි මතක
කුමුදිනී අපට මදකට නවතින ලෙස සන් කරයි. එම සංඥාව ප්රබලය. මන්ද එය අමතන්නේ අප මනසට කාවද්දාගෙන ඇති නිවැරදි ලෙස අප තකන දේ සහ අප හදවතට බැවිනි. මමද ඔබද ගැමි සුවය විඳ එහි පහසින් කුල්මත් වූ ඇත්තෝ වෙමු. අධ්යාපනය, සංවර්ධනය, නව මාවත්, ජීවන ඉලක්ක වැනි අලුත් වදන් පසුපස නගරය කරා ආ ගැමියෝද වෙමු. ලද අධ්යාපනය ඔස්සේ ගමත් නගරයත් අප පෙළපොතින් මවා පෙන්වූ සංවර්ධිත ප්රදේශ කිරීමට අප අතට දුන් නගුලට ගෙල පහත් කළ අම්බරුවන් වෙමු. එනමුදු කුමුදිනිය වැපිරූ දේ ද, නෙළාගත් දේ ද සැසඳීමට අවශ්ය මානයන් මෙම ග්රන්ථය ඔස්සේ අප හමුවට ගෙන එන්නීය.
එම මානයන් ප්රබලය. මෙම ග්රන්ථයන් ඇය ඔබට අතීතාවර්ජනයකට අඬනොගසයි. එනමුදු උගත් පාඩම් ඔස්සේ අප ඉලක්ක කුමක් විය යුතුද යන සංවාදයට ඇය පාර තනයි. රාජකාරී දිවියේදී ප්රතිපත්ති, අණ, නීති රාමු තුළ සිරවී සිටිය ද අව්යාජ ලෙස මෙන්ම නිදහස් චින්තනයෙන් මෙම සටහන් තැබූ කුමුදිනිය අපට පවසන්නේ අප බිඳින ලෝකයත්, මවන ලෝකයත් අතර අප ආරම්භ කළයුතු සංවාදය වේ.
මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි
වයඹ විශ්ව විද්යාලය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.