Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / අලෙවිකරණය

අලෙවිකරණය

About this book

ආචාර්ය නිහාල් රංජිත් ජයතිලකයන්ගේ මෙම අලෙවිකරණය” ශාස්ත්‍රීය කෘතිය මුලින්ම ප්‍රකාශයට පත් වූයේ 2007 වසරේදීය. 2009 වසරේදී 2 වැනි මුද්‍රණය එළිදැක්විණ. මේ 2011 වසරේදී යළි ප්‍රකාශයට පත් වන්නේ මෙම කෘතියේ 3 වැනි මුද්‍රණයයි.

මෙය ව්‍යාපාර අධ්‍යයනය, වාණිජ විද්‍යාව, අලෙවිකරණය, අලෙවි කළමනා- කරණය, ජනසන්නිවේදනය සහ ජනමාධ්‍යය යන විෂය ක්ෂේත්‍රයන්ට අදාළ උසස් පෙළ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අතිශයින් ප්‍රයෝජනවත් ශාස්ත්‍රීය කෘතියකි.

එසේම අලෙවිකරණය හා ජනසන්නිවේදන පාඨමාලා හදාරන අභ්‍යන්තර හා බාහිර විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවටත්, බැංකුකරුවන්, අලෙව්කරුවන්, වෘත්තිකයන්, වය්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන්ටත් මහඟු අත්වැලක් සපයන කෘතියකි.

වත්මන් ලෝක ආර්ථිකය, විවෘත හා නිදහස් වෙළෙඳ පොළ මත පදනම්ව ක්‍රියාත්මක වෙමින් විශ්ව ව්‍යාපාර ගම්මානයක් බවට පත්ව ඇති නිසා අප සමාජයේ සෑම කෙනෙකුටම වුවද එදිනෙදා ජීවන රටාව ප්‍රායෝගික තත්වයන් තුළ තෘප්තිමත් කර ගැනීම පිණිස හරවත් මඟ පෙන්වීම් රැසක් ලබා දෙන කෘතියක් හැටියටද මෙය වැදගත් වේ.

මේ කෘතියේ කතුවරයා ජනසන්නිවේදනය ප්‍රමුඛ අලෙවිකරණය විෂයය ප්‍රායෝගික තත්වයන් තුළ ගැඹුරින් හා පර්යේෂණාත්මකව අධ්‍යයනය කළ ලේඛකයෙකි. ආර්ථික විද්‍යාව, මානව විද්‍යාව සහ භාරත ඉතිහාසය පිළිබඳ උපාධිධාරියකු වන ආචාර්ය ජයතිලක,මේ නිබන්ධය ඇසුරින් ලියු "සිංහල පුවත්පත් වෙළෙඳ දැන්වීම් ආරම්භය හා විකාශනය” නම් වූ ශාස්ත්‍රීය කෘතිය 2008 වසරේදී ද, සිංහල පුවත්පත් ප්‍රකාශනයේ ආරම්භය හා විකාශනය” යන පාඨ ග්‍රන්ථය 2010 වසරේදී ද සරසවි ප්‍රකාශන ලෙසින් එළිදැක්විණ. නවකතා හා කෙටිකතා පොත් කීපයක්ම කතුවරයා වන ඒ මහතා පුවත්පත් විශේෂාංග ලේඛකයකු මෙන්ම, නිදහස් මාධ්‍යවේදියකු හැටියටද කටයුතු කරයි. මහජන බැංකුවේ හිටපු නියේජ්‍ය සාමාන්‍යාධිකාරීවරයකු වූ ආචාර්ය ජයතිතලක ප්‍රවීණ බැංකුකරුවකු ලෙසද ප්‍රකටය.

Details
ISBN
9789555736381
පිටු ගණන (Pages)
236
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: අලෙවිකරණය

Reviews are published once a member of our team has read them.