අලි බිත්තර එකතු කරපු පොඩ්ඩිගේ ලෝකය
පොඩ්ඩිගේ ලෝකය විශ්වෝදා ජාතික පාසලේ එකොලොස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැහැමි නිමේෂා දියණියගේ දෙවන පොතයි.
ඇයගේ කුළුදුල් ළමා නවකතාව ''චුට්ටිට හරි හිනා” 2023 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ ළමා කතා සම්මානය සඳහා නිර්දේශ විය.
ඇයගේ දෙවන නිර්මාණය වූ ‛‛පොඩ්ඩිගේ ලෝකය” චුට්ටිගේ මව අත්විඳි ඇගේ ලෝකයේ සොඳුරු අත්දැකීම් ඇසුරින් ලියවුණකි. වර්තමාන තරඟකාරී අධ්‍යාපන රටාව තුළ සිරවී සිටින දරුවන්ගේ සංකීර්ණ වූ ළමා ලෝකය තුල නිර්මාණාත්මක චින්තනය ගිලිහී ගොස් ඇත. මෙම ග්‍රන්ථය එදා පොඩ්ඩිලා විඳී නිදහස් ලෝකය වත්මන් චුට්ටිලා පිළිබඳව බොහෝ දෑ සිතන්නට වැඩිහිටියන් පොළඹවන මා හැඟි ග්‍රන්ථයකි.
දැහැමි විසින් රචනා කරන ලද මෙම ග්‍රන්ථයේ භාෂා විලාසය පාඨකයා ඇද බැඳ තබාගනි. අතන ඩිජිටල් මෙවලම් අතර අතරමංව සිටින වත්මන් චුට්ටිලාට අවශ්‍ය මානසික සංහිඳියාව ලබන්නට, අනාගත දක්ෂ ලේඛිකාවකට උරුම අංකුර ලක්ෂණ ප්‍රකට කරන මෙම ලේඛිකාව විසින් රචිත මෙම ග්‍රන්ථය මනා වූ අත්වැලක් වනු නොවනු මානය.
දේශබන්ධු ශාස්ත්‍රශිරෝමනී - විජයානන්ද ධර්මසේන - විදුහල්පති - විශ්රෝදා විද්‍යාලය - කුරුණෑගල
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.