අලුත් ආණ්ඩුව - විශ්ව සම්භව්‍ය කෙටිකතා
"මොන අලුත් ආණ්ඩුවක්ද? මොන අලුත් නීතිද? පරණ ආණ්ඩුවම තමයි. පරණ නීතිම තමයි බං."
-අලුත් ආණ්ඩුව
"මහපොළොව තමයි දැං මට ඉන්න ගෑනි. මං කිවුවෙ මිනීවළ. මයෙ පුතා මැරුණ නෙව! ඔබතුමන්ලට පේනවනෙ. මම පණපිටින්. මොන තරම් විකාරයක්ද? මරණෙ තට්ටු කරල තියෙන්නෙ වැරදි දොරට. මාව හොයාං එන්නැතුව මයෙ පුතා ගාවට ආවනෙ!"
-කාට මේ දුක කියන්නෙම්
"තාත්තා කෙනෙක්ගෙ ආදරේ පාන් ගෙඩියක් කෑලි කෑලිවලට කඩල බෙදල දෙනව වගේ තමන්ගෙ දරුවන් අතරෙ බෙදල දෙන්න පුළුවන්කමක් නෑ. ළමයෙක් උනත් දහයක් උනත් තාත්තා කෙනෙක් තමන්ගෙ ආදරේ වෙනසක් නැතිව ඒ හැමෝටම දෙනව."
-යුද්ධයේ අතුරු කතාවක්
"අපි සොල්දාදුවන්ගෙන් ඇහැව්ව අපේ ළමනුව උස්සගෙන යනකොට උඹල කෙහෙද හිටියෙ කියල, අපේ පොඩි ඒව්වන්ව කැරලිකාරයො ඇවිල්ල පැහැරගෙන යනකොට කොහෙද හිටියෙ කියල. උන් ඇවිල්ල අපේ ගෑනුන්ව අපේ ඇස් පනාපිට දූෂණය කරනකොට ඕගොල්ලො කොයි දීපංකරේද හිටියෙ කියල අපි ඇහැව්ව. ඒගොල්ලො කිව්වෙ ඒ අයට පඩි දීලා තිබුණෙ නෑලු. උඹල මකබෑවිලා පලයල්ලා!"
-සමනල සිහින
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.