අමනුෂ්යයන් නිසා හටගන්නා රෝග
අමනුෂ්යයන් නිසා හටගන්නා රෝග නමැති මෙම ග්රන්ථයෙන් විවිධ අමනුෂ්ය බලපෑම් නිසා මිනිසාට ඇතිවන කායික මානසික රෝග ගැන ක්රමානුකූල පර්යේෂණාත්මක විස්තරයක් ඉදිරිපත් කර තිබේ.
ඈත අතීතයේ පටන් මිනිසා මුහුණ දුන් එක් බාහිර බලවේගයක් වන අමනුෂ්ය බලපෑම් කෙසේ ජයගත යුතුද යන්න ධර්මානුකූලව බොහෝ දෙනා නොදැන සිටියහ. ඒ නිසා නොයෙක් අභිචාර විධි අනුගමනය කළහ. අමනුෂ්ය බලපෑම්වලට මුහුණදීමේ නිවැරදි මග බුදු දහම තුළින් උදා විය. නමුත් මිනිසුන් තුළ තවමත් අමනුෂ්යයන් කෙරෙහි පවතින බිය එසේම පවතී.
බෞද්ධ සූත්ර බොහෝමයක බුදුරජාණන් වහන්සේටද, ඍද්ධිමතුන් අතර අගතැන් පත් මුගලන් මහ රහතන් වහන්සේටද දැකගත හැකි වූ, අමනුෂ්යයන්, ප්රේතයන් ගැන විස්තර බොහෝමයක් සඳහන්ව ඇත. ඔවුන්ගේ බලපෑම් නිසා එදාත් අදත් මිනිසාට ඇතිවන රෝග සඳහා විවිධ සෙත් ශාන්ති, බලි තොවිල්, පිරිත් දේශනා, බෝධි පූජා ආදිය පවත්වන බව අපි දනිමු.
මේ සියලු කරුණු අරභයා බුදු දහමේ විග්රහයනුත්, තම පර්යේෂණ දත්තයනුත් එක්කොට රුවිනි සුරංගිකා ඉදිරිපත් කරන මෙම ග්රන්ථය අමනුෂ්යයන් ගැන දැනුමක් ඇති හා නැති කාහටත් අවබෝධයක් ඇති කරගැනීම පිණිස මහඟු පිටුවහලක් වන බව මාගේ විශ්වාසය යි.
රුවිනි සුරංගිකා මෙනවිය අපගේ විහාරස්ථානයේ ශ්රී සුගුණපාල දහම් පාසලේ ආචාර්යවරියකි. එසේම උසස් අධ්යාපනය ලබමින් ඉතා කාර්යබහුල දිවියක් ගතකරන ඇය මෙවැනි කෘතියක් බිහිකිරීම ඉතා අගය කළ යුත්තකි. ඇයට තුණුරුවන්ගේ පිහිට හා ආශිර්වාදය පතමි.
මෙයට,
අංකුඹුරේ අමරවංශ හිමි,
මහමෙව්නාරාමාධිපති,
මහරගම.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.