Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / අමුතු තරණය

අමුතු තරණය

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
About this book

ප්‍රකාශකගේ සටහන සහ පොත පිළිබඳ හැඳින්වීම මෙහි ඇතුළත් වේ. වැඩි විස්තර සඳහා ග්‍රන්ථ කාර්යාලය අමතන්න (071 944 8899).

Details
ISBN
9789556773835
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. සිතින් මිදී ජීවිතයට යොමු වීම..
    සංකීර්ණ ජීවිත රටාවක් ඇසුරේ ඔබට සරල පැවැත්මක් ඇති කරගත නොහැකි නම් ඔබ තිරිසන් සත්ත්වයකුට සමානවේ.

    ● කෝපය, පාලනය සහ පරිවර්තනය

    ඔබට සිය කෝපය පහසුවෙන් පාලනය කර ගත හැක. මින් ඔබ කරන්නේ ඔබේ කෝපය යටපත් කරගැනීමය. යමක් යටපත් කිරීමෙන් සිදු වන්නේ කුමක්ද? එය ගමන් ගන්නා මාර්ගයේ වෙනසක් සිදු වේ. එය ආවේ පිටතට යෑමේ අරමුණිනි. එය යටපත් කිරීමෙන්, නැවතත් එය ඇතුළට ගමන් කරයි.කෝපය පිටතට ගමන් කිරීම හොදය. මන්ද, අහිතකර, විස සහිත දෙයක් පිටතට විසි කිරීම හොද බැවිනි. එහෙත් එය ඇතුළට ගමන් කිරීම, මුළු සිරුරටත් මනසටත් හානිදායක ලෙස බලපායි. එවිට අහිතකර දේ ඉතා ගැඹුරු තැන්හි සැගවී, අදුරු සෙවණැලි සේ නිරතුරුව ඔබ සමග ජීවත් වන්නේය. ඉන්පසු සිදුවන්නේ හේතුවක් ඇතිවත් නැතිවත් තරහ යෑමය.
    මෙයයි නියම තත්වය. ඔබ කෝපයෙන් පසු වෙයි. එසේ වන්නේ ඔබ වැඩිපුර කෝපය යටපත් කර ඇති බැවිනි. දැන් තරහ නොයන අවස්ථාවක් නොමැති තරම්ය. ඔබේ මුළු සිරුර හා ආත්මය පුරා කෝපයේ විෂ දිව යයි. යටපත් කරන දෑ ඔබ නොදැනුවත්වම ඔබේ දෑත් වලට, ඇට මිදුළු වලට, ලෙයට හා හෘදය ස්පන්දනයට මුහු වනු ඇත. අපගේ ලෙඩ රෝග වලින් සියයට අසූවක් පමණ වැලැදෙන්නේ අනවශ්‍ය ආකරයට හැගීම් යටපත් කරන්නට යෑමෙනි.
    පරිවර්තනය යනු පාලනය කිරීමට වඩා හාත්පසින්ම වෙනස් සිද්දාන්තයකි. පළමුව, පාලනය කරන්නට යෑමෙන් ඔබ, තමාම යටපත් කරයි. එහෙත් පරිවර්තනය කිරීමේදී ඔබ එය ප්‍රකාශ කරයි. එහෙත් එය කෙනෙකු වෙත ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍ය නොවේ. ඊලග අවස්ථාවේදී ඔබට කේන්ති ගිය විට ගේ වට රවුම් හතක් දුවන්න. ඉන් පසුව ගසක් යට වාඩි වී, කෝපය කොහෙ දිව ගියා දැයි නිරීක්ෂණය කරන්න. ඔබ එය යටපත් කලේ නැත. ඔබ එය පාලනය කරේද නැත. කිසිවෙකුට එයින් දමා ගැසුවේද නැත. ඉන් කෙනෙකු වෙත දමා ගැසුවේ නම්, දම් වැලක පුරුක් මෙන් තවත් ක්‍රියාදාමයක් ආරම්භ වනු ඇත. එසේ වන්නේ, අනෙක් පුද්ගලයා ඔබ තරම් මෝඩ බැවිනි. අනෙක් පුද්ගලයා ඔබ තරම් නූගත් නම්, ඔබ කෝපයෙන් දමා ගසන පරක්කුවෙන් ඔහුද ප්‍රතික්‍රියා දක්වනු ඇත. ඔහු වෙත තව තවත් කෝපය වගුරනු ඇත. එහි ප්‍රතිඵලය ඔබ එකිනෙකා හතුරන් වීමය.
    ඔබේ කෝපය කිසි කෙනෙකු වෙත විසි නොකරන්න. මෙය ඔබට වමනය දමන්නට එන හැගීමක් හා සමානය. ඔබ තව කෙනෙකු මත වමනය කරන්නේ නැත. නාන කාමරයට ගොස් වමනය කරයි. වමනය පිට කල පසු ශරීරයට සැහැල්ලුවක් හා සුව පහසුවක් දැනේ. එලෙසම කෝපයටත් වමනය කිරීමක් අවශ්‍ය වේ. කෝපයක් ඇති වූ විටක ඔබට ඇවිදින්නට යා හැකිය. නැත්තම් එක තැන දුවන්න. මින් අදහස් කෙරෙන්නේ ඇතුළත ඇති හැගීමකට ඉක්මන් ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය බැවින් ඒ සදහා ඉඩ ලබා දීමය.
    තරහව පරිවර්තනය කළ විට මෛත්‍රිය බවට පත් වේ. එනම් ස්භාවික ක්‍රියාදාමයක්, දිව්‍යමය නැත්නම් දෙවියන්ගේ ශක්තියක් බවට හැරවේ. මෛත්‍රිය සිරුර ඇතුළත සිහිල දනවන වායු සමීකරණයයි. නිමේශයකින් සියල්ල සිහිල් වී සුන්දර වී ඇත. කිසිවකින් ඔබට බාධාවක් එල්ල නොවේ. තව දුරටත් ඔබට සතුරන් නොමැත. හාත්පස මුළු පැවැත්මම ඔබේ මිතුරකු බවට පරිවර්තනය වී ඇත.

    ● හුදෙකලාව හා තනිකම

    තනිකම යනු අමිහිරි දෙයකි. හිත දුර්මුඛ කරන දෙයකි. එය අනෙක් පාර්ශවය නොමැති වීම පිළිබද හැගීමකි. තනිකම ඇසුරේ ඔබ නැත. ඇත්තේ අනෙකා නැති වීම පිළිබද හැගීම ය. හුදෙකලාව තනිකමට වඩා හාත්පසින්ම වෙනස්. ඔබ එතන සිටී. ඔබට අනෙකා මග නොහැරෙයි. අනෙකා යනු ඔබය. ඔබ හුදෙකලාවෙහි නම් ඔබට වැඩීමට සුදුසු ඉතා හොද ඉඩ කඩක් ඇති නිසා ඔබ වර්ධනය වේ. ඔබට සoසoදනය කිරීමට කිසිවක් නොමැත. හුදෙකලාව ඇසුරේ සුව කිරීමේ බලයක් ඇත. ප්‍රශ්න ජාලයකට මැදි වන බව පෙනේ නම්, ඒවා නිරවුල් කර ගැනීමට හුදෙකලාව ඇති තැනකට යන්න. තමා ගැන හා තමාගේ ප්‍රශ්න ගැන මෙනෙහි කරන්න. තමා තුළ හා අවට ඇති දෑ එලෙසින්ම පිළි ගන්න. නොසන්සුන්කම ඉවත් වී ඔබව සන්සුන් වන බව තැම්පත් වන බව ඔබට දැනෙයි.

    ● ආදරය, ජීවිතය හා මරණය

    හොදින් දැනෙන ජීවිතයක් ගත කරන්න. ඔබ ඉතා හොදින් දැනෙන ජීවිතයක් ගතකළ හොත්, ඔබේ මරණයට එළියක් ලැබේ. ස්පන්දනය වන පුර්ණ ජීවිතය මේ මොහොතට ගෙන එන්න. මේ මොහොත පරිපූර්ණ ලෙස ගතකළ හොත් ඔබට ජීවිතය අනාවරණය වෙයි. ඔබ ජීවිතය දන්නේ නම් මරණය සක්සුදක් සේ පැහැදිලිය.
    ආදරය, ජීවිතය හා මරණය යන වචන තුන ඉතා අර්ථවත් හා වැදගත් වේ. ඔබට එය අවබෝධ කර ගත හැකි නම් භාවනා කිරීම අනවශ්‍ය වේ. ඔබ නියම අයුරින් ආදරේ කරන්නේ නම් එය භාවනාවකි. ඔබ නියම අයුරින් ජීවත් වන්නේ නම් එය භාවනාවකි. මරණය අභියස නිශ්ශබ්දතාව ඇවැසිය. එය ජීවිතයටත්, ආදරයටත් එලෙසින්ම වලංගු වේ. ඔබ ජීවිතයට ආදරේ නම්, දොඩමළු වීම නවතී. මන්ද හැම තත්පරයක්ම ජීවිතයෙන් පිරී උතුරා යයි නම් ඕපාදූපවලට, හිස් කතාබහට කාල වේලාවක් කොහෙන්ද? ජීවිතය යනු ඉවත දැමිය යුතු දෙයක් නොවේ.

    ● මමත්වය හා ස්වාත්මය

    මමත්වය සැලැකිය යුතු දෙයක් නොවේ. නමුත් ස්වාත්මය ගැන දැන ගන්නා තුරු ඔබට මමත්වය සමග ජීවත් වන්නට සිදුවේ. මමත්වයේ ප්‍රධාන ආහාරය අවධානයයි. ස්වාත්මය අවබෝධ කර ගත් තැනැත්තා පමණක් මේ අවශ්‍යතාවෙන් මිදේ. එවිට ඔබට හුදෙකලාව ජීවත් වන්නට හැකිය. මේ ලෝකය තුල ඔබ තනි වුවත්, කිසිදු පාළුවක් නැතිව සමූහය සමග ඔබට ගැවසිය හැකිය. හුදෙකලාව අතිශයින්ම චමත්කාරජනකය. ආශ්චර්යවත්‍ ය.

    ● සිතෙහි හා ජීවිතයෙහි ස්භාවය

    දන්නා දේ ඔබව ආකර්ශනය කරයි. ඔබ දන්නා දේ බදා ගනියි. දන්නා දේ යනු මිය ගිය අතීතයයි. කිසිදු ජීවයක් එහි නැත. නොදන්නා, මේ මොහොතේ දොරට තට්ටු කරනා දේ ජීවි ගුණයෙන් යුක්තය. ඔබ ගමන් කල යුත්තේ එයත් සමගය. එහෙත් විශ්වාසයෙන් තොරව මේ ගමන කළ නොහැකිය.
    සිතත් සමග වැඩ කරන විට මගහැරෙන්නට ඇති ඉඩකඩ වැඩිය. ඔබේ මනස නිරීක්ෂණය කිරීමට උත්සාහ කරන්න. එය කිසියම් චාරිකාවක නිරත වේද? නැත්නම් එකතැන කරකැවේ ද? ඔබ සත්‍ය වශයෙන්ම කිසියම් ඉසව්වක් වෙත ගමන් ගන්නේද? මේ ගමනේ කිසියම් ප්‍රගතියක් ඇත්ද? නැත. ඔබ එක තැන කරකැවෙයි.
    සිතෙහි ස්භාවය එකම දේ නැවත නැවතත් කිරීමය. ජීවිතයෙහි ස්භාවය එසේ නොවීමය. ජීවිතය සැම විටම නැවුම්‍ ය. නැවුම් බව ජීවිතයෙහි ස්භාවය වේ. හැම දවසක්ම අළුත්‍ ය. හැම මොහොතක්ම අළුත් ය. එසේ වුවද සිත මහලුය. එම නිසා, සිතින් මිදී ජීවිතයට යොමු වීමෙන් ඔබට අතිශයින්ම අළුත් පැවැත්මකට එකතු විය හැක.
    Dulanjala ·
Write a review

You're reviewing: අමුතු තරණය

Reviews are published once a member of our team has read them.