අනේ අනේ විලියම්
About this book
පාසලට යාමට ඔන්න මෙන්න කියා තිබියදී ඔහුගේ බඩ තදින්ම රිදෙයි. එය අද්භූත ආකාරයට සුව වන්නේ පාසල ඇරඹෙන හෝරාව පැනගිය පසුවය. තමන් අකැමති මඟුල් ගෙදරක යාමට සිදුවන විට ඔහුය හැදෙන අසනීප ඇදහිය නොහැකි තරම් විස්මයජනකය. මුලින් දරුණු හිසරදයකි. එය සුව වනවිටම ඊළඟ විනාඩි පහකදී දරුණුම තාලේ බඩේ කැකුකමකි. එයද නිවසේ අයගේ මැදිහත්වීම සහ තාත්තාගේ තර්ජනාත්මක බැලීම
නිසා සුව වුවහොත් ඊළඟ විනාඩි දෙකකදී ඔහුගේ දකුණු කකුල උලුක් වෙයි. නිවැසියන්ගේ සිනා සහ උපහාසය මැද ඒ උලුක්කුව විනාඩි දෙකකින් සුවපත් වනවිට තවත් විනාඩි පහකින් උලුක්කු වී ඇත්තේ දකුණු කකුල නොව වම් කකුල බව විලියම්ට වහා සිහිපත් වී වේදනාවෙන් මොර දෙයි.
Details
ISBN
9789553309549
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
-
අනේ අනේ විලියම් අපූරු පොතක්විලියම් නම් අපූරු කොලු ගැටයෙකි.
අපූරු යැයි කීවාට එක් අතකින් මහා නාහෙටනාහන එකෙකි. ඊටත් වඩා මෝඩයෙකි.
හැබැයි ඒ සේරම වැඩිහිටි අපේ ඇසින් බැලූකල පමණි. නැතිනම්, ළමා ඇසකින් බැලූවිට නම් ඒ හැම දෙයක්ම අපූරු වීරක්‍රියාවන් ය. නැතිනම් අපූරු සෙල්ලම් ය. එසේත් නැතිනම් හරිම සාධාරණ දේවල් ය.
සුදු මීයන් යනු විලියම්ට ලෝකයේ වටිනාම වස්තුවකි.
රසකැවිලි යනු විලියම් ඊලඟට ලෝකයේ ඉතාම ආශා කරන කෑමකි.
හොඳින් සිතාමතා අන්‍යන්ගේ යහපත වෙනුවෙන් සෑහෙන මහන්සි වී කරන කියන හැම දෙයක්ම අපේ අසරණ විලියම්ගේ ගෙදර උන්දැලා තේරුම් ගන්නේ ඒවා ඔවුන් සමග ඇති තරහකට කරන දේවල් හැටියට වීම කොයි තරම් අභාග්‍යක්ද?
මේ නිසාම වරක් විලියම් ගෙදරින් යන්නට ද යයි. මුහුදුදෙන් එතෙර ඇති රන් ආකර වෙත ගොස් මහන්සි වී සතියක් වැඩකර රන් තොගයක්ද රැගෙන නැවත පැමිණ මහා මන්දිරයක ජීවත් වීමට තිබූ උත්කෘෂ්ට බලාපොරොත්තුවද බිඳ වැටෙන්නේ අතර මගදී තාත්තා හමුවීම නිසාවෙනි.
තමන්ගේ අයියා රොබට්ගේ ආදර සබඳතා සඳහා උදව් කිරිමට විලියම් කෙතරම් උත්සාහ කළද ඒ සෑම උත්සාහයක්ම තමන්ට කරන එදිරිවාදිකම් හැටියට රොබට් තේරුම් ගැනීම විලියම්ගේ වරදක් ද?
මුහුණෙ කලු ගාගෙන , පිටේ පාපිස්සක් එල්ලාගෙන ගම හරහා බයිසිකලයක් පැදීමටත්, මංපහරන්නෙක් හැටියට කුඩා දරුවෙක් පැහැරගැනීමත් සෑම දරුණු මංකොල්ලකරුවෙකුටම කළ හැකි වීර ක්‍රියා නොවේ.
මේ පොත අපේ අසරණ විලියම් ගැනයි. රිච්මාල් කොම්ප්ටන් විසින් ලියූ විලියම්ගේ කතාව උපාලි රත්නායකයන් විසින් ඉතා අනර්ඝව සිංහලයට හරවා තිබේ. සුදු ජාතික විලියම් සිංහලයෙක් කර අපේ රටට ගෙන ඒම ගැන අපි එතුමාට තුති පිදිය යුතුය.
දැනට නම් අපේ සූර වීර විලියම් නතර වී සිටින්නේ මොරටුව කොරළවැල්ලේ grantha.lk පොත මැදුරේය. ඔබටත් විලියම් ඔබේ නිවසට කැඳවා ගත හැක.
හැබැයි එසේ කළහොත් ඔබේ මුවෙනුත් "අනේ , අනේ, විලියම්" යැයි කියවෙන බවට නම් සැකයක් නැත්තේය.
.
Richmal Crompton විසින් රචිත Just William ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.
පරිවර්තක - උපාලි රත්නායක.
සුසර ප්‍රරකාශනයකි.
Write a review