ඇනා කැරනිනා
වෙනත් මුද්රණ සහ ප්රකාශන (Available Editions & Formats)
About this book
ලෝකයේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම මනෝ විද්‍යාත්මකම නවකතාව වශයෙන් සම්භාවනාවට පාත්‍ර වූ ඇනා කැරනිනා කෘතිය මඟින් දහ නම වන ශත වර්ෂයේ රුසියානු සමාජය සහ පොදු වශයෙන් සමස්ත මානව වර්ගයා පිළිබඳව මවනු ලබන සුවිසාල සිතුවම සර්වකාලීන අගයකින් යුතුය. මේ මහා කෘතිය රචනා කරන ටෝල්ස්ටෝයි තම අති ප්‍රබල පරිකල්පන ශක්තිය මෙහෙයවමින් ජගත් සාහිත්‍යයෙහි දකින්නට ලැබෙන අමරණීය චරිත කිිහිපයක් නිර්මාණය කරයි. සුපිරි පෙළැන්තියට අයත් විවාහක කාන්තාවක් වන ඇනා තම නීරස වූත් බොල් වූත් ජීවිතය හැර දමා සැබෑ ප්‍රේමයක නීනව් සොයා යයි. එනමුදු ඇයට සිදුවන්නේ රුදුරු සමාජයේ ගොදුරක් වන්නටය.
මේ ශ්‍රේෂ්ඨ ලේඛකයා ලෙවින් මගින් ස්වකීය සැබෑ චරිතය ප්‍රතිනිර්මාණය කරමින් සිය ආධ්‍යාත්මයෙහි කැකෑරුණ සැක සංකා මෙන්ම අපරිමිත වූ මානව භක්තිය ද ප්‍රකාශ කරයි.
Details
ISBN
9789555734813
පිටු ගණන (Pages)
794
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review