ඈන් ෆ්‍රෑන්ක් දැරියකගේ දිනපොත

Special Price රු. 1,251.00 Regular Price රු. 1,390.00
Out of stock
SKU
anne-frank-dariyakage-dinapotha-thomsan-wandabona-sarasavi

විසිවැනි සියවසේ, අතිශයින්ම ශෝක ජනක වූත්, විචිත්‍ර වූත් දින සටහන් එකතුවක් ලෙස ලෝක ප්‍රකට ‘ඈන් ෆ්‍රෑන්ක් ගේ දිනපොත’ මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ 1947 දීය. එදා සිට අද දක්වා කාලය තුළ නිකුත් කරනු ලැබූ කෝටි දෙකකට අධික වූ පිටපත් සංඛ්‍යාවක් ලොව පුරා පාඨකයින් විසින් කියවනු ලැබ ඇත.

දහතුන් හැවිරිදි ඈන් ෆ්‍රෑන්ක් දැරිය සැඟවී සිටිය දී ලියන ලද අතිශයින්ම සංවේදී වූ මේ දින පොත් සටහන් යුදෙව්වන් හැට ලක්ෂයකට වධ හිංසා සහ අවසානයේ මරු කැඳවූ දෙවෙනි ලෝක මහා සංග්‍රාමයේ බිහිසුණු අංශය ලොවට මැනවින් කියාපාන සත්‍ය කතාවකි.

කෘතහස්ත ලේඛකයෙකු වූ තොම්සන් ඒ. වැන්දබෝනා විසින් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද මේ කෘතිය ඈන් ෆ්‍රෑන්ක්ගේ මුල් කෘතිය මෙන්ම රසවත් ය. පරිවර්තකයා විසින් ඒ සඳහා යෝග්‍ය වූ සරල භාෂා ශෛලියක් යොදා ගෙන තිබීම මෙහි විශේෂත්වයයි.

Author Anne Frank (2), Thompson A. Wandabona - තොම්සන් ඒ. වැන්දබෝනා (11)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789555733422
පිටු ගණන 398
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඈන් ෆ්‍රෑන්ක් දැරියකගේ දිනපොත
Back to Top
Related Products