ඈන් ෆ්‍රෑන්ක් දැරියකගේ දිනපොත
විසිවැනි සියවසේ, අතිශයින්ම ශෝක ජනක වූත්, විචිත්‍ර වූත් දින සටහන් එකතුවක් ලෙස ලෝක ප්‍රකට ‘ඈන් ෆ්‍රෑන්ක් ගේ දිනපොත’ මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ 1947 දීය. එදා සිට අද දක්වා කාලය තුළ නිකුත් කරනු ලැබූ කෝටි දෙකකට අධික වූ පිටපත් සංඛ්‍යාවක් ලොව පුරා පාඨකයින් විසින් කියවනු ලැබ ඇත.
දහතුන් හැවිරිදි ඈන් ෆ්‍රෑන්ක් දැරිය සැඟවී සිටිය දී ලියන ලද අතිශයින්ම සංවේදී වූ මේ දින පොත් සටහන් යුදෙව්වන් හැට ලක්ෂයකට වධ හිංසා සහ අවසානයේ මරු කැඳවූ දෙවෙනි ලෝක මහා සංග්‍රාමයේ බිහිසුණු අංශය ලොවට මැනවින් කියාපාන සත්‍ය කතාවකි.
කෘතහස්ත ලේඛකයෙකු වූ තොම්සන් ඒ. වැන්දබෝනා විසින් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද මේ කෘතිය ඈන් ෆ්‍රෑන්ක්ගේ මුල් කෘතිය මෙන්ම රසවත් ය. පරිවර්තකයා විසින් ඒ සඳහා යෝග්‍ය වූ සරල භාෂා ශෛලියක් යොදා ගෙන තිබීම මෙහි විශේෂත්වයයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.