රොජර් ඇක්‍රොයිඩ් මරා දැමීම

Special Price රු. 1,035.00 Regular Price රු. 1,150.00
In stock
SKU
roger-ackroyd-mara-damima-agatha-christie-thompsan-sarasavi
ධනවත් රොජර් ඇක්‍රොයිඩ් පමණට වඩා දැනසිටි අයෙකි. තමා ආදරය කරන කාන්තාව සිය පළමු සැමියා වසදී මරණයට පත් කළ බව ඔහු දනියි. එසේම, කිසිවෙකු ඒ පිළිබඳව ඇය බියගන්වා ඇගෙන් කප්පම් මුදල් ලබා ගන්නා බවද ඔහුට සැළවේ. අවසානයට ඔහුට දැනගන්නට ලැබෙන්නේ ඇය මත්ද්‍රව්‍ය අධික ප්‍රමාණයක් ගෙන සිය දිවි නසාගත් බවයි. එදින ම සවස තැපෑලෙන් ඔහුට ලැබෙන ලිපියකින් ඒ අද්භූත කප්පම්කරු කවුරුදැයි ඔහුට දැන ගැනීමට අවස්ථාව එළඹේ. එහෙත් ඒ ලිපිය කියවා අවසන් කිරීමට මත්තෙන්, සිය කන්තෝරු කාමරයේදීම රොජර් ඇක්‍රොයිඩ් පිහියෙන් ඇන මරා දමනු ලබයි.
රහස් පරීක්ෂක ෆර්කියුල් පොයිරෝ සිය තීක්ෂණ බුද්ධිය මෙහෙයවා විශ්මයජනක අන්දමින් මිනීමරුවා හෙළිකරයි.
අගතා ක්‍රිස්ටීගේ මෙම රහස් පරීක්ෂක නවකතාව ඉතාම ජනප්‍රිය වුයේ එය කියවන කිසිම පාඨකයකුට සිතිය නොහැකි අයුරින් කතාව අවසන් කෙරෙන හෙයිනි.
Author Agatha Christie (43), Thompson A. Wandabona - තොම්සන් ඒ. වැන්දබෝනා (11)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (983)
අගතා ක්‍රිස්ටි ලොව පතළව ඇත්තේ රහස් පරීක්ෂක කථා රැජින ලෙස.ඉංග්‍රීසියෙන් ලියැවු ඇගේ පොත් පිටපත් කෝටී සියයක් ද විවිධ භාෂාවලට පරිවර්තනය වුණු තවත් පිටපත් කෝටිසියක් ද පාඨකයා අතර එක් වී ඇත.බයිබලය හා ශේක්ෂ්පියර්ගේ කෘතීන් හැරුණු විට මෙතෙක් ලොව වඩාත් ප්‍රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ. රහස් පරීක්ෂක නවකතා සහ කෙටිකතා 80ක් ද නාට්‍ය 19ක් ද මේරි වෙස්මකොට් නම් වු අන්වර්ථ නමයෙන් ලියැවුණු තවත් නවකතා 6කද කතුවරිය ඇයයි.
Back to Top
Related Products