Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යෞවනියකගේ විලාපය

යෞවනියකගේ විලාපය

About this book

අගතා ක්‍රිස්ටි ලොව පතළව ඇත්තේ රහස් පරීක්ෂක කතා රැජින ලෙසය. ඉංග්‍රීසියෙන් ලියැවුණු ඇගේ පොත් පිටපත් කෝටි සියයක්ද, විවිධ භාෂාවලට පරිවර්තනය වුණු තවත් පිටපත් කොටි සියයක්ද පාඨකයන් අතරට එක් වී ඇත. බයිබලය හා ශේක්ස්පියර්ගේ කෘතීන් හැරුණු විට, මෙතෙක් ලොව වඩාත්ම ප්‍රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ.

රූමත් එලිනර් කාලයිල් තම හදවතින්ම පෙම් කරන්නේ රොඩරික් වෙල්මන්ට වුවත්, ඔහුගේ හදවත අහම්බෙන් හමුවූ නව යෞවනයේ පසුවන සුරූපිනියක වූ මාරි ජෙරාඩ් වෙත ඇදී යයි. අභිරහස් ලෙස මාරි ජෙරාඩ් මිය යයි. ඇගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබන එලිනර් කාලයිල් මෙනෙවිය අත් අඩංගුවට ගැනේ. තම නැන්දනිගේ අභාවයෙන් පසු ඇගේ සියලු ධනස්කන්ධයේ එකම හිමිකාරිය වන එලිනර් කාලයිල් මෙනෙවිය වෙත මාරි ජෙරාඩ්ගේ ඝාතනය සම්බන්ධව සියලුම චෝදනා එල්ල වේ. එනමුදු කෙසේ හෝ ඇයව එම චෝදනාවලින් නිදහස් කරගත යුතු බව ඇයට රහසින් පෙම් කරන වෛද්‍ය පීටර් ලෝඩ්, පොයිරෝ හට බල කරයි. හර්කියුල පොයිරෝ හට ඇයව නිදහස් කරගත හැකිවෙයිද?

ISBN
9789553103628
පිටු ගණන (Pages)
300
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: යෞවනියකගේ විලාපය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.