Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ළමා කතන්දර / අපේ වීරයෝ 2 - අනගාරික ධර්මපාල තුමා

අපේ වීරයෝ 2 - අනගාරික ධර්මපාල තුමා

ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

• අනගාරික ධර්මපාල තුමාගේ මුල් නම දොන් ඩේවිඩ් හේවාවිතාරණ ය.

• එතුමා උපන්නේ 1864 සැප්තැම්බර් මස 17 වන දා ය.

• එතුමාගේ පියා දොන් කරෝලිස් හේවාවිතාරණ ය. මව මල්ලිකා හේවාවිතාරණ ය.

• දැන් ශාන්ත මාරියාගේ පාසල නමින් හැඳින්වෙන එවක පිටකොටුවේ කතෝලික විද්‍යාලය, කොටහේනේ ශාන්ත බෙනඩික්ට් ආයතනය, කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය යන පාසල් එතුමා අධ්‍යාපනය ලැබූ ආයතනයන් ය. එමෙන් ම පෞද්ගලික සිංහල පාසලක ද එතුමා අධ්‍යාපනය ලැබුවේය.

• 1888 දී ‘සරසවි සඳරැස’ පත්‍රයෙහි ඉංග්‍රීසි අතිරේකයක් වශයෙන් එතුමා ‘The Buddhist’ පත්‍රය ආරම්භ කළේය. ‘සිංහල බෞද්ධයා’ නම් පුවත් පත ද එතුමා ආරම්භ කළේය.

• 1891 දී එතුමා බුද්ධගයාවට ගියේය. මහාබෝධි සමාගම පිහිටුවා මහාබෝධි සංගමයේ සඟරාව ද පටන් ගත්තේය.

• 1893 දී එතුමා ඇමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නුවර පැවැත්වූ ලෝක ආගම් පිළිබඳ පාර්ලිමේන්තුවට සහභාගි විය.

• 1895 දී තම නම අනගාරික ධර්මපාල ලෙසට වෙනස් කර ගත්තේය.

• 1931 ජූලි මස 15 වන දින හික්කඩුවෙ ලෙසින් මහණ කම ලැබ, 1933 ජනවාරි 16 වන දින සිරි දේවමිත්ත ධම්මපාල නමින් උපසම්පදාව ලැබීය.

• 1933 අප්‍රේල් 29 වන දින අනගාරික ධර්මපාල තුමා අභාවප්‍රාප්ත විය.

ISBN
9789556960211
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අපේ වීරයෝ 2 - අනගාරික ධර්මපාල තුමා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.