Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / බුදුන් සරණ ගිය ප්‍රේතයෝ

බුදුන් සරණ ගිය ප්‍රේතයෝ

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book
බුදුන් සරණ ගිය ප්‍රේතයෝ මෙලෙස බුද්දක නිකායේ එන ප්‍රේතවත්ථු කථා නූතන බසින්, සරල ව රසවත්ව එළිදැක්වීම කාලයක පටන් පැවති පාඨක අපේෂාවක් මල්ඵල ගැන්වීමකි. මහා මොග්ගලාන, ශාරිපුත්ත, මහා කාශ්‍යප හා සංකිච්ච ආදී මහ රහතන් වහන්සේලාට මෙන්ම නාරද මහ තෙරුණ් ප්‍රමුඛ බුදු පිරිසට මුණ ගැසුණ ප්‍රේතාත්ම රැසක් අභිනව ග්‍රන්ථයෙන් විස්තර වෙයි. එම ප්‍රේතාත්ම අතර, සෙම් (වන්නාස), මළකුණු (කුණුපාස), අසූචි (ගුථබාදක), ගිනිදැල් (අග්නිජාලාමුඛ), සා පිපාසිත (තණ්හට්ටික), සැප දුක (වේමානික), මහා සෘද්ධි බල (මහා සෘධිකා), දැවෙන - වියළුණ (සුන්නිජ්ඣාමක) සහ කැපෙන - වෙන්වෙන (සත්ථංග) ආදී ආහාරයෙන් යැපෙන ප්‍රේතයෝ වෙති. ඉදිකටු සිදුරක් වැනි කුඩා මුඛයක් හා සැලියක් බඳු මහා උදරයක් ඇති (සුවිමුඛ), පිඹුරන් වැනි ශරීර ඇති සහ පර්වත සෙන් විසල් සිරුරැති (පබ්බතංශ) ප්‍රේතයෝ ද එහි සිටිති. පුහුදුන් මනසට ප්‍රේතාත්ම නොපෙණුන පමණින් ඒවා අභව්‍ය, ගුප්ත හෝ අත්භූත යැයි කිව නොහැකි ය. වේගයෙන් භ්‍රමණය වන විදුලිපංකාවක පෙති මෙන් ප්‍රේතාත්ම ද මිනිස් පිය වී ඇසට නොපෙනීම ස්වාභාවික සංසිද්ධියකි. ‘ප්‍රේත ලෝකයද’ ද සතර අපායන්ගෙන් එකකි. එහි ඇති බියකරු හා දුක්බර බව මේ මේ පොත කියවන කාහට වුව ද පසක් වනු ඇත. ප්‍රේතාත්ම නිරතුරුව මනුෂ්‍යාත්ම හා සම්බන්ධ වීමට උත්සාහ කරති. එමෙන්ම, ප්‍රේතාත්මයෙන් මිදීමට ඔවුහු වෙහෙසෙති. ඒ බව මෙම ‘බුදුන් සරණ ගිය ප්‍රේතයෝ’ කතා මාලාව හරහා ද මැනවින් කියාපායි. එම ලිපි සියල්ල එක්කොට මෙලෙස වටිනා ග්‍රන්ථයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ගැන අපි බෙහෙවින් අගය කරමු. අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නාහිමි
ISBN
97895508220041
පිටු ගණන (Pages)
75
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බුදුන් සරණ ගිය ප්‍රේතයෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.