Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ආර්ථික කුලී ඝාතකයෙකුගේ පාපොච්චාරණය

ආර්ථික කුලී ඝාතකයෙකුගේ පාපොච්චාරණය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ජෝන් පර්කින්ස් විසින් හෙළිදරව් කරන අන්දමට ආර්ථික කුලී ඝාතකයන් යනු ඇමරිකන් අධිරාජ්‍යවාදී පද්ධතිය පිටුපස සිටින, ලෝකය පුරාම ඩොලර් ට්‍රිලියන ගණනක් වංචා කරන, විශාල වේතන ලබන, වෘත්තිකයන් සමූහයකි. මොවුන්ගේ මෙවලම් වන්නේ වංචනික මුල්‍ය වාර්තාවන්, ගසාකෑම්, දුෂිත මැතිවරණ, ලිංගික පෙලඹවීම් සහ මීනිමැරුම්ය. ඒ ඒ රටවල බලයට පත්වන ජාතික රාජ්‍යයන්හි නියෝජිතයන්ට කරන බලපෑම් මඟින් ඉහත මෙවලම් පාවිච්චි කර මේ ආර්ථික කුලී ඝාතකයෝ තමන්ගේ මෙන්ම අධිරාජ්‍යයේද අපේක්ෂාවන් සාක්ෂාත් කර ගනිති.

ජෝන් පර්කින්ස් ජාත්‍යන්තර උපදේශක සමාගමක වැඩ කරමින් සංවර්ධනය වන රටවලට විශාල ණය තොගයක් පටවා ඉන් එන ආදායම් ඇමෙරිකානු සංගතවලට හැරවීමේ අත්දැකීම් සහිත පුද්ගලයෙකි. එම අත්දැකීම් පාදක කොට ගෙන ඔහු මෙම හෙළිදරව් කිරීම් කර ඇත්තේ ඔහුගේ හෘද සාක්ෂිය ඔහුට විරුද්ධව කොඳුරන්නට වූ නිසාය.

ආර්ථික කුලී ඝාතකයකුගේ මෙම පාපොච්චාරණය දූෂණය, කුමන්ත්‍රණ, වස්තු තණ්හාව ඉහ වහා ගිය රාජ්‍යයක් තුළ තිබෙන අප්‍රසිද්ධ රාජ්‍යයකට සම්බන්ධිත සංස්ථාවන්හි ක්‍රියා කලාපය හෙළිදරව් කරයි. අධිරාජ්‍යවාදී යන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ තථ්‍ය අවබෝධයක් ලබා ගැනීමට කැමති සෑම කෙනෙකු විසින්ම මෙය අවශ්‍යයෙන්ම කියවිය යුතු පොතක් වේ.

ISBN
9789555736961
පිටු ගණන (Pages)
443
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආර්ථික කුලී ඝාතකයෙකුගේ පාපොච්චාරණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.