Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / පවුලේ ඌරුව

පවුලේ ඌරුව

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
පවුලේ ඌරුව ලන්දේසි, දමිළ හා සිංහල සම්මිශ්‍රිත සම්භවයන්ගෙන් යුත් වරප්‍රසාදිත කණ්ඩායමකට අයත් වූ ඔන්ඩාට්චි උපත ලද ලංකාව කරා එනම්, ආරම්භය කරා පෙරළා යන ගමනක් ගැන විශිෂ්ට ලෙස මතකය අවදි කරන අර්ධ-ස්වයං චරිතාපදානමය විස්තරයකි. ඊට අතිරේක ව, ක්ෂණික සේයා රූ වලින් ද පද්‍ය පන්තීන්ගෙන්ද සෑම ආකාරයකින් ම අසම්ප්‍රදායික හා අසම්පූර්ණ සැණ දසුන්වලින් ද නිර්මිත එය රැළි සේ ගොඩනැඟෙන මටසිලිටි ඇඳුමක සියලු ශෝභමානත්වයන්ගෙන් යුතු ව විස්ම දනවන ලෙස පිටු මත දිග හැරෙයි. සියලු සම්භාව්‍ය කෘති තුළ දක්නට ලැබෙන අයුරින් මේ පොතෙහි ලාලිත්‍යය යාත්‍රාවක ගමන මෙන් අවසන් පිටු කියවීමෙන් පසු ම බොහෝ කල් යන තුරු ම වියැකී නො යයි. -New Statesman- කැනඩාවේ ශීත සෘතුව විඳ ගැනීම සඳහා සිය මව්බිම වූ ශ්‍රී ලංකාව හැර යාමෙන් විසි පස් වසරකට පසු නිවර්තනීය ග්‍රීෂ්මය හා සුනඛයින්ගේ බිරුම් හඬ ඇතුළත් සිහිනයක් මව්බිම කරා පෙරළා පැමිණීමට හා තමන් කිසි දාක සම්පූර්ණයෙන් තේරුම් නො ගත් ළමා කාලයක් හා පවුලක් යළි බැහැ දැකීමට ඔන්ඩාට්චි පොළඹවා ලයි. විචිත්‍රවත් කතාන්දරවලින් හා සිය මුතුමිත්තන්ගේ රහස් වලින් සමන්විත මේ ආලේඛ්‍යය එකලස් කිරීමට ඔන්ඩාට්චි සිත් අලවන සුලු පුවත් ද කවි හා මතකයන් ද එක් රැස් කරයි. ‘ව්‍යක්ත බවින් ද වක්‍රොක්ති හා හාස්‍යොත්පාදක බවින් ද ප්‍රභාමත් බවින් හා සංවේදීතාවයන්ගෙන් ද පිරුණු… ජීවිතයේ අස්ථීර බව හා වාසනාව පිළිබඳ ව ඔන්ඩාට්චිට වූ අවබෝධය ඉතා පැහැදිලිය. ඔහුගේ ගද්‍ය කාන්‍යයෙහි ශෝභමානත්වය හා ස්වීයත්වය ඒ හා සමානව ම පැහැදිලි ය.’ -New Yorker- ‘ග්‍රීෂ්මයේ තිමිර පටලය හා මතකය අතරින් බැබළීම ධාරණවාදී වෙයි. ඇතැම් විට එයට ම ආවේණික රිද්මයන් හා අනිවාර්යතා පැවති විජිත පාරාදීසයක දැන් අතීතයට එක් ව තිබෙන අසාමාන්‍ය කාල පරිච්ඡේදයක් හා ස්ථානයක් පිළීබඳ විස්මයකාරී ආලේඛ්‍යයකි.’ -Globe and Mail- ජව සම්පන්න බව හා මතකය අවදි කරවීමට තිබෙන හැකියාව අතින් මයිකල් ඔන්ඩාට්චි මේ කෘතිය තුළ විශිෂ්ටතම වෙයි. දීප්තිමත් අයුරින් වර්ණ ගන්වන ලද මිහිරි හා වේදනාකාරී, කුරිරු හා පාරලෞකික අත්දැකීම් අන්තර්ගත එය පුරාවෘත්තයක තත්වය අත්කර ගනියි. -මාගරට් ඇට්වුඩ්-
ISBN
9789556716115
පිටු ගණන (Pages)
242
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පවුලේ ඌරුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.