අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 1
වෙයි වූෂියැන් වූ කලී සිය සමකාලීන පරම්පරාවේ වඩාත්ම කැපීපෙනුණ ධ්‍යානවේදීන් අතරින් අයෙකි. සටන් කලාව, දැනුම සහ ආධ්‍යාත්මික හැකියාවෙන් බල සම්පන්න, කෙළිලොල් තරුණයෙකි. එසේ නමුත් ධ්‍යානවේදී ලෝකය යුද ගිනිදැල් තුළ ගිලී යද්දී, ලෝක සම්මත මාර්ගයෙන් බැහැර වි, අසුර ධ්‍යානවේදය ප්‍රගුණ කිරීමට ඔහුට සිදු වේ. මෙම අපූරු ධ්‍යානවේදියාගේ අසභාය හැකියාවන් පිළිබඳ ලෝක ජනයා තුළ වූ ගෞරවයම, කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ගේ භීතිය බවට පරිවර්තනය වන්නේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ අන්දමිනි. අවසානයේදී ඔහු මියයයි! ඔහුගේ මරණය අසන්නෝ ප්‍රීතිඝෝෂා නංවති; ජය පැන් බොති.
වසර ගණනක ඇවෑමෙන් එක්තරා තරුණයෙක් සිය ආත්මය කැප කර, මියගිය වෙයි වූෂියැන්ගේ ආත්මයට සිය සිරුර පූජා කරන්නේ තම ජීවිතය විනාශ කළවුන්ගෙන් පළිගැනීමේ පරම චේතනාවෙනි. තරුණයාගේ සිරුර පිළිගෙන, යළිත් මෙලොවට පැමිණෙන වෙයි වූෂියැන්ගේ දෙවැනි ජීවිතයද කිසිසේත්ම පහසු චාරිකාවක් නොවේ. නමුත් මේ වතාවේ අසමසම හන්ගුආන්-ජුන් ඔහුගේ පසෙකින් හිඳියි.
සිය ජීවිතය වටා ගෙතී ඇති අබිරහස් විසඳාගැනීමට වෙයි වූෂියැන් සමත් වනු ඇතිද?
ජීවිතය උදෙසා ඔහු ලද දෙවැනි අවස්ථාව, පෙර පරිදිම බේදවාචකයකින් අවසන් වනු ඇතිද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.