අට්ඨකථාවෙන් භික්ෂු රස කථා
About this book
භික්ෂු රස කථා
ක්‍රි.පූ. තුන් වන සියවසෙහි මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමේ දී අටුවා ග්‍රන්ථ ද රැගෙන වැඩම කළ බව ඔස්කාවොන් හිනුබර් වැනි උගත්හු සඳහන් කරති. දීපවංශය, මහාවංශය වැනි ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් පරිදි එම අටුවාවන් සිංහලට පරිවර්තනය කර ඇති අතර මහා අට්ඨකතා, උත්තර විහාර අට්ඨකථා, මහා පච්චරිය අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා ඇතුලු අට්ඨකථා 19ක් තිබූ බව කතයිලාල් භස්‍රා සඳහන් කරයි. විල්හෙම් ගයිගර් සඳහන් කරනුයේ සූත්‍ර පිටකය සඳහා මහා අට්ඨකථාව ද විනය පිටකය සඳහා කුරුන්දි අට්ඨකථාව ද අභිධර්ම පිටකය සඳහා මහා පච්චරිය අට්ඨකථාව ද සකස් කර තිබූ බවයි. බුද්ධඝෝෂ හිමියන් සියලු අටුවාවන් නැවත පාලියට වෙනත් නම් තබමින් පරිවර්තනය කළ බව එච්. ආර්. පෙරේරා සඳහන් කරයි.
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය මුලනේ ගුණානන්ද ස්ථවිරයන් වහන්සේ විසින් රචිත කථාවස්තු පණහකින් සමන්විත “අට්ඨකථාවෙන් භික්ෂු රස කථා” නමැති ග්‍රන්ථයෙන් උක්ත පැතිකඩ සියල්ල දැකිය හැකිය.
මෙලෙස අටුවා ග්‍රන්ථ අතරින් පාඨකයාට රසයක් මෙන් ම ආදර්ශයක් ගත හැකි කථා තෝරා ගැනීමට ගුණානන්ද හිමියන් දක්ෂ වී ඇත. එබැවින් කාලීන වශයෙන් ලොකු කුඩා හැම කෙනෙකුටම මෙන් ම අටුවා ශාස්ත්‍රීය පර්යේෂණ කාර්යයෙහි නිරතවන පාත්‍රවර්ගයාට ද ප්‍රයෝජනවත් කෘතියක් ලෙස සඳහන් කළ හැකිය.
පූජ්‍ය ආචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර ස්ථවිර,
ශ්‍රී ලංකා බෞද්ධ හි පාලි විශ්වවිද්‍යාලයෙහි හිටපු මහෝපාධ්‍යය සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
පිලිපීනයේ අතෙනියෝ ද මැනිලා විශ්වවිද්‍යාලයේ බාහිර මහාචාර්ය
Details
ISBN
9789553465009
පිටු ගණන (Pages)
113
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review