අවබෝධයෙන් ජීවත් වීම

Special Price රු. 536.00 Regular Price රු. 670.00
In stock
SKU
awabodayen-jeewath-wima-sarath-wijesooriya-wijesooriya

‘දැනුම’ සහ 'අවබෝධය' යන වචන දෙකෙන් අදහස් කරන්නේ එකිනෙකට සම්බන්ධ එහෙත් වෙනස් ම තත්වයන් දෙකකි. ‛දැනුම’ ලබා ගත හැකිය ලබා දිය හැකිය. ‛අවබෝධය’ අත්කර ගත යුතුය - අත්කර දිය නොහැකිය. 'අවබෝධය’ උදෙසා දැනුමට වඩා වැදගත් වන්නේ 'අත්දැකීම්’ ය. අත්දැකීම් උරුම කර දෙන්නේ කාලයයි. මනුෂ්‍ය ජීවිතයට මනුෂ්‍ය සම්බන්ධතා හොඳින් පවත්වා ගෙන යාමට වැදගත් වන්නේ අවබෝධයයි. 'තේරුම් ගැනීම’ - දරා ගැනීම සහ සංවේදීවීම අඹු-සැමි සම්බන්ධතා උදෙසා වැදගත්ය.

'අර දෙදෙනා සතුටින් ප්‍රීතියෙන් ජීවත් වෙනවා’ යැයි එකට ජීවත් වන සැමියකු හෝ බිරිඳක පැවැසීම තුළ තමන්ගේ ජීවිතයට අදාළ යථාර්ථයක් ගැබ්ව තිබේ. පියවි ඇසට අන්‍යයන්ගේ පැවැත්ම පෙනෙන මුත් - ජීවිතය පෙනෙන්නේ නැත.

'මිනිස් හට සොඳුරු ගුණ හා නුගුණ ඇත.

නිදොස් කෙනෙක් මෙදියත උපදනේ නැත’.

මේ කෘතිය මේ චින්තාවේ පිහිටා අඹු සැමියන්ගේ ‛ජීවිතාවබෝධය' වෙනුවෙන් ලියන ලද්දකි.

Author සරත් විජේසූරිය - Sarath Wijesooriya (67)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (502)
More Information
ISBN 9789556913354
පිටු ගණන 275
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අවබෝධයෙන් ජීවත් වීම
Back to Top