අවසන් විසඳුම - සංදේශය ප්‍රකාශන
1933 සිට 1945 අතර දොළොස් වසරක හිට්ලර්ගේ ෆැසිස්ට් පාලනය මානව ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදය ලෙස සැලකේ. එම පාලනය තුළ යුදෙව්වන්,ආර්ය නොවන ජාතීන් හා විරුද්ධවාදීන් මර්ධනය කරනු සඳහා රැඳවුම් කඳවුරු හා ඝාතක කඳවුරු සමස්ත ජර්මනිය පුරාත්, ආක්‍රමණය කොට අත්පත් කරගත් රාජ්‍යයන්හීත් ස්ථාපිත කෙරිණි. විවිධ ජාතීන් 32 කට අයත් මිනිසුන් මෙම කඳවුරු තුළ සිරගත කළ අතර යුදෙව්වන් මිලියන හයක් සහ වෙනත් යුරෝපීය ජාතීන් මිලියන පහක් එස් එස් හමුදා විසින් ඝාතනය කෙරිණි. මෙහි ඇතළත් වන්නේ එලෙස සිරගතවූවන්ගේ ඉරණම පිළිබඳ සත්‍ය වෘත්තාන්තයයි.
මෙම ග්‍රන්ථය කිසියම් කෘතියක පරිවර්තනයක් නොවේ. මෙහි කතුවරයා යුරෝපයේ දැනට සංරක්‍ෂණය කොට ඇති නට්සි වධකඳවුරුවල සංචාරය කොට ඒවායේ කෞතුකාගාරයන්හී තැන්පත් ව ඇති ලිපිලේඛන ද, තුන්වන රයිෂය හා නට්සි පාලනය පිළිබඳ ලියැවුනු විවිධ පොතපත හා දුර්ලභ ලිපිලේඛන ද රැසක් ඇසුරු කරමින් රචිත පර්යේෂණාත්මක කෘතියකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.