මරණයේ දොරටුව අබියස සිටි මිනිස්සු
මරණයේ දොරටුව
අබියස සිටි මිනිස්සු
නට්සි වධකඳවුරුවල සිට නිදහස් වූවන්ගේ මතක සටහන්
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
1939 සැප්තැම්බරයේ පෝලන්තය ආක්‍රමණය කළ ජර්මානු හමුදාවෝ යුදෙවුවන්, දේශපාලන විරුද්ධවාදීන් හා ආර්ය නොවන ජාතීන් ඝාතනය කිරීම සඳහා විවිධ පළාත්වල වධ කඳවුරු සහ ඝාතක කඳවුරු ස්ථාපනය කළහ. ඒ අතුරින් ප්‍රධානතම වධ කඳවුර වූයේ අවුෂ්විට්ස්ය.
අවුෂ්විට්ස් කඳවුර නම් කොට තිබුණේ ‘මරණයේ කඳවුර” ලෙසිනි. එහි ප්‍රධාන පිවිසුමේ ‘ආබයිට් මක්ට් ෆ්‍රී’ යනුවෙන් සඳහන් විශේෂ වැකියක් විය. එහි අරුත ‘වැඩ කිරීමෙන් නිදහස’ යන්නයි.
1941 1945ත් අතර කාලයේ අවුෂ්විට්ස් කඳවුරට පැමිණි සිරකරුවන් සංඛ්‍යාව මිලියන 1.3ක් විය. ඉන් මිලියන 1.1ක් එහිදී ඝාතනය කෙරිණි. ඔවුන්ගෙන් 90%ක් යුදෙවුවෝ වූහ.
1945 ජනවාරි 27 දින සෝවියට් හමුදාව මෙම කඳවුර නිදහස් කර ගත්හ. එය නිදහස ලබා 70 වසරක් පිරුණේ 2015දීය. එහි සිරගතව සිටි රටවල් 19කට අයත් පුද්ගලයන් 300ක පමණ පරිසක් එදින පැවැති සැමරුමට සහභාගී වූහ. මරණය පෙනී පෙනී එහි ගෙවූ සමයේ තමන් ලද අත්දැකීම් මාධ්‍ය හා බෙදා ගන්නට මෙම පිරිස පසුබට නොවූහ. එදා ඔවුන් මාධ්‍ය හමුවේ දිගහරින ලද අතීත ස්මරණයන් ඇසුරින්ද, ඔවුන්ගේ අත්දැකීම් ඇතුළත් වාර්තා චිත්‍රපටිවලින්ද, වෙබ් අඩවි හා විදෙස් පුවත්පත් ලිපි ඇසුරින්ද මෙම කෘතිය රචනා කෙරිණි. මේ ඔවුන්ගේ කතාවය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.