සබරගමු මහ සමන් දේවාලයේ පුරාණ චාරිත්‍රානුකූල පෙරහැර මංගල්‍යය ආශ්‍රය කර ගනිමින් ඇති වූ සිද්ධි සමුදායක් 'භද්‍ර' නවකතාව සඳහා පාදක වී ඇත.
ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ම රකින බවත්, අධර්මයෙහි හැසිරෙන්නාට ස්වභාවධර්මයෙන් පවා සමාවක් නොමැති බවත් කියාපාන 'භද්‍ර' නවකතාව තුළින් සබරගමුවේ ගැමි බස් වහර සහ සමාජ ක්‍රමය අපූර්ව භාෂා විලාසයකින් ප්‍රතිනිර්මාණය කර පාඨක සිත් තුළ චිත්තරූප මවන කතාන්දරයක් ඉදිරිපත් කිරීමට රන්දික කඩවතආරච්චි නම් තරුණ ලේඛකයා සමත් වී ඇත.
ස්වර්ණ පාඨක සම්මාන උළෙලේ අවසන් කෘති දහය අතර සම්භාවනාවට පාත්‍ර වූ සිය ප්‍රථම නවකතාව වන 'පිරිනිවන් කඳු පාමුලින්' නවකතාව තුළින් ප්‍රකට කළ ප්‍රතිභාව තව තවත් ඔප මට්ටම් කර ගනිමින් නවකතාකරණයේ යෙදෙන රන්දික, සිංහල නවකතාවේ අනාගතය පිළිබඳ සුබදායී බලාපොරොත්තු ඉහළ නංවන රචකයෙකි.
දර්ශනා ශම්මි විජේතිලක
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.