භාරතයෙන් විහිදුණු ප්‍රභාශ්වරය
තත්කාලීන භාරතයෙහි චින්තකයකු - ලෙස ප්‍රකටව සිටින සද්ගුරු හෙවත් වාසුදේව් වරක් පැවසූයේ ඉන්දියාව හෙවත් භාරතය යනු සංවිධානාත්මක කලබගෑනියක්' (ORGANIZED CHAOS) බව ය. වෙනත් අයුරකින් කිවහොත් ගමන් කරන මීමැසි රංචුවක් ලෙස ඔහු භාරනය විග්‍රහ කළේ ය. මීමැසි රංචුවක එක් එක් මීමැස්සෝ විවිධ ආකාරයෙන් ගමනෙහි යෙදෙති. එක සමාන අයුරින් ගමන් කරන මීමැස්සන් දෙදෙනෙකු නැත. නමුත්, අවසානයේ දී මීමැසි පොදිය ම එක් තැනකට ගමන් කරනු ඇත.
භාරතය සංස්කෘති, භාෂා, ජාති, කුල ගෝත්‍ර දහස් ගණනක සංකලනයකි. නමුත්, මේ භාරතය බෙදා වෙන්කළ යුතු ය යන අදහස ඇති වැසියන් විරල ය. භාරනය සතු විභව තවමත් උපරිමයෙන් භාවිත නො කෙරෙන බවක් ද පෙහී යයි භාරනයට තව යා හැකි දුර බොහෝ ය.
නිලක්‍ෂි බණ්ඩාර භාරතය ගැන අප දැනුවත් කිරීමට කරන උත්සාහය වැදගත් වන්නේ එහෙයිනි. ඇය කරන්නේ හාරතය නම් මීමැසි පොදියෙහි මීමැස්සන් ටික දෙනෙකු පිළිබඳ ව පාඨකයාට විස්තර කිරීම ය. අපේ විසල් අසල්වැසියා වටහා ගැනීමට ඇගේ කෘතිය මගින් අපට සිදු කරන්නේ ඉමහත් උපකාරයකි. එයින් අරඹා භාරතය කියවා ගැනීමට ඔබටන්-මටත් වැඩදායක වනු ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.