බිහිසුණු නරකයේ අඳුරු පැතිකඩ - (එකසිය සතිස් නරකය)
බුදු දහමේ පව් - පින් පිළිබඳවත් පාපකාරී ක්‍රියා සිදුකිරිම තුළින් ලැබෙන අඳුරු ප්‍රතිඵල පිළිබඳවත් මෙම ග්‍රන්ථයෙන් ගැඹුරින් විස්තර කරමින් ගරු පූජ්‍ය අල්ගමවත්තේ සුමනවංශ හිමි බුදු දහම පිළිබඳව මනා දැනුමකින් යුතුව මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.නරකය හෙවත් අපාගත සත්ත්වයන් පිළිබඳ ඉතා වැදගත් මෙන්ම හරවත් විවරණයක් මේ තුළින් සිදුකර ඇති අතර අප ජීවත් වන ලෝකය තුළ පවතින්නා වු අට මහා නරකය මූලික කරගත් දේවදූත සූත්‍රය ඇතුළු දේශනාවන්ගේ හරය බෞද්ධ මුහුණවරකින් මෙම ග්‍රන්ථය තුළින් ඉදිරිපත් කර තිබේ.
පාපයෙන් ලෝවැසියන් මුදාගැනීම පිළිබඳවත් පවට ලැජ්ජාවට සහ භය ඇතිකිරිම පිළිබඳවත් විශේෂයෙන් කුඩා දරුවන්, තරුණ තරුණියන්ට අපාගත වීමේ භයංකාර බව පෙන්වා දීමටත් ඒ තුළින් ඔවුන් සුමගට ගෙන බෞද්ධ ප්‍රතිපත්තිවලට අනුකූලව දිවි ගෙවීමටත් විශාල උත්තේජනයක් බිහිසුණු නරකයේ අඳුරු පැතිකඩ ග්‍රන්ථය තුළින් ලබාදීමට ගරු පූජ්‍ය අල්ගමවත්තේ සුමනවංශ හිමියන් සමත්ව තිබේ.
බුදු දහමේ සඳහන් නරකයන් 136 ක් පිළිබඳ අප අසා තිබුණද ඉතා සවිස්තරාත්මක විවරණයක් අප මෙතෙක් කියවා නොමැත.මෙම ග්‍රන්ථය තුළින් එකී අඩුපාඩුවද මගහරවා ගත හැකිවන අතර මෙම මාහැඟි ග්‍රන්ථය සමාජ සද්කාර්යයක් වශයෙන්ද මාහැඟි පුණ්‍ය කර්මයක් වශයෙන් ද පව්- පින් පිළිබඳ මනා විමර්ෂණයක් කළ හැකි අත්පොතක් වශයෙන්ද අගය කර හැකිය.Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.