Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මහා සිංහලේ තෙල් බෙහෙත් පොත

මහා සිංහලේ තෙල් බෙහෙත් පොත

About this book

ඉපැරණි දේශීය පාරම්පරික ඥානය පැරණි පොත්පත් පුස්කොළ පොත් ඇසුරෙන් එකතු කොට ගෙන අති දුර්ලභ තෙල් බෙහෙත් වට්ටෝරු, කෙම් ක්‍රම ගුරු මුෂ්ටි ආදි සියල්ල එක් ග්‍රන්ථයක් තුළ මෙසේ එකතු කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. කාලය, ශ්‍රමය, ගවේෂණාත්මක දැනුම, කායික මානසික නිරවුල් බව සහ මානව දයාව ආදි වටිනා ගුණාංගයන්ගේ එකතුවෙන් මිස මෙවැන්නක් සාමාන්‍ය අයෙකුට සිදු කළ හැක්කක් නොවේ.

තම ගුරුදේවෝත්තම කපුගොඩ ගිරිදරු පුරාණ විහාරාධිපති මැදිරිගිරියේ විමලානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේට නිරෝගී සුවය පතා රචිත මෙම ග්‍රන්ථය ගුරු ගෝල බැඳීමේ 'පිය පුතු සංකල්පය' මනාවට විද්‍යාපාන දුර්ලභ අවස්ථාවක් ලෙස සඳහන් කළ යුතු ය. දැනට ලංකාවේ තනි ග්‍රන්ථයක් ලෙස වැඩිම තෙල් බෙහෙත් වට්ටෝරු ගණනක් සහිතව රචනා වූ විශාලතම මුද්‍රිත ග්‍රන්ථය ලෙස ඉතිහාස ගත වන මෙම සුවිශේෂී වෛද්‍ය ග්‍රන්ථය හෙළ වෛද්‍යවරුන්ගේත්, ජාති හිතෛෂී සියලු දෙනාගේත්, සියලු ලාංකිකයන්ගේත් නොමඳ ගෞරවයට ලක් විය යුත්තකි.

අනුරාධපුර බුද්ධ ශ්‍රාවක විශ්වවිද්‍යාලයට ඇතුළත්ව එයින් ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන පසුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් මනෝවිද්‍යා උපදේශනය පිළිබඳවත්, බෞද්ධ අධ්‍යයනය පිළිබඳවත් ද්විත්ව ශාස්ත්‍රපති උපාධි ලබාගත් උන්වහන්සේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙහි ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙකි. ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද, සද්ධර්ම කීර්ති ශ්‍රී ආදි උපාධි අධ්‍යාපනික දැනුමෙන් ලබාගත් උන් වහන්සේ භූත විද්‍යාව, ජ්‍යොතිෂය පිළිබඳව හසල දැනුමැති ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකි.

තමාගේ යුග මෙහෙවර පැහැදිලිව හඳුනාගෙන හෙළ වෙදකමේ තමා උගත් දැනුම නිර්ලෝභීව පැහැදිලි ලෙස එළිදක්වමින් රචිත මෙම මාහැඟි සුවිශේෂී මහා සිංහලේ තෙල් බෙහෙත් පොත සියලු දෙනාගේම අවධානය යොමු විය යුතු විරල ගණයේ සුවිශේෂී අග්‍රගණ්‍ය ග්‍රන්ථයකි.

- ප්‍රකාශක

ISBN
9789555709750
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 2
  1. මෙම පොත අවශ්‍ය කර තිබේ
    ලබාදෙන්න
    ඤාණවිමල හිමි ·
  2. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතයන් සහමුලින්ම වැරදියි
    මෙම ග්‍රන්ථය ලියා ඇති ස්වාමීන්වහන්සේට තෙල් බෙහෙත් පිලිබඳව ප්‍රාථමික දැනුමක්වත් නොමැතිවයි මෙම ග්‍රන්ථය ලියා ඇත්තේ අප මේ පිලිබඳව නීතිමය පියවර ගනු ලබනවා. ඔබ ආයතන්‍යෙන් මේ ආකාරයේ වංචනික ග්‍රන්ථ විකිණීම ඔබ ආයතනයේ කීර්ති නාමයටද ගැටළුසහගතයි නේද.
    සිරිලක වෙද ගෙදර ·
Write a review

You're reviewing: මහා සිංහලේ තෙල් බෙහෙත් පොත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.