Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / පාරම්පරික අත් බෙහෙත්

පාරම්පරික අත් බෙහෙත්

About this book

ශ්‍රී ලංකාවේ ආයුර්වේද සම්ප්‍රදාය තුළ අත් බෙහෙත් වලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ගම්බදව මෙන් ම නගරබදව ද සුළු රෝගාබාධ සඳහා අත් බෙහෙත් භාවිතා කිරීම මෙන් ම, ඒවායින් සුවය ලබා ගැනීමේ අත්දැකීම ද ශ්‍රී ලංකාවේ ගැමි ජනතාව සතුය. මෙබඳු අත් බෙහෙත් වට්ටෝරු සම්මත ඒවා වන අතර ඒවා භාවිතා කිරීමෙන් සුවය ලබන්නෝද බොහෝ ය. එසේ වුවද, සමහර අත් බෙහෙත් වට්ටෝරු සහ ඒවා භාවිතා කරන ක්‍රම ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වේ. එමෙන් ම ඒවා පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන ආ ඒවා වේ. මෙවැනි මහඟු ඖෂධ වට්ටෝරු රැසක් එකතු කර මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීමට චන්ද්‍රානි සමරසිංහ මහත්මිය සමත්ව ඇත.

මෙම බෙහෙත් වට්ටෝරු ඉතා ප්‍රත්‍යක්ෂ ඒවා මෙන් ම අතුරු ආබාධ වලින් තොරව භාවිතා කළ හැකි වීමද, පහසුවෙන් සොයා ගත හැකි ඒවා වීමද විශේෂත්වයකි. මෙවන් අත් බෙහෙත් වර්ග භාවිතා කර ඔබට ද සුවය ලබා ගත හැකි බව වගකීමෙන් යුතුව සඳහන් කරමි.

ආයුර්වේද වෛද්‍යාචාරිනී
දීපානි මිරිනාගල්ල

ISBN
9789557761268
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ath beheth
    godak honda pothak.
    ath beheth nomile ganna methanin yanna.
    https://alllankablog.blogspot.com/2016/01/sinhala-ath-beheth.html
    (free)
    Nuwan ·
Write a review
Write a review

You're reviewing: පාරම්පරික අත් බෙහෙත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.