බින්දුව සොයා යෑම
බින්දුව යනු හුදෙක් සංඛ්‍යාවක් පමණක් නොවෙයි. බින්දුවේ මුල හෙවත් ප්‍රභවය සලකන කල, එය දාර්ශනික විවාද රාශියකට තුඩුදුන් මෙතෙක් නොවිසඳුණු අබිරහසක් බඳු විශ්වීය ඥාණයට අයත් ප්‍රපංචයකි. ඵ් බින්දුවේ උපත සොයා මහාචාර්ය අමීර් ඇක්සල් ගමන් කළ ඒ අසිරිමත් චාරිකාවේ ආනන්දනීය වූත් ප්‍රඥාවන්ත වූත් කතාව සිංහල පාඨකයාට හමුවන ප්‍රථම අවස්ථාව වන්නේ සරත් මල්ලියාවඩු පරිවර්තනය කළ බින්දුව සොයා යෑමයි.
අමීර් ඩී. ඇක්සෙල් බින්දුව සොයා අපරදිග සිට පෙරදිගට පැමිණෙද්දී දිවංගත ආචාර්ය නලින් ද සිල්වා විසින් බින්දුව යනු බෞද්ධයන්ගෙන් ලොවට ජනිත වුණු දැනුමක් බවට නව ප්‍රවාදයක් ගොඩ නංවන ලදි. ශුන්‍ය, ශුන්‍යත්වය හා චතුස්කෝටිකය යන බෞද්ධ සංකල්ප ඇසුරෙන් බින්දුවේ ප්‍රභවය පිළිබඳ අදහස් පළ කළ එතුමා එයින් නොනැවතී ශුන්‍ය සඳහා සංකේතයක් ලෙස හල් ලකුණ සීගිරි කුරුටු ගීවල යොදා ඇති බැවින් බින්දුව ලෝකයට උපන් බිම ලංකාව බවට ප්‍රකාශ කළේය. තවද ආචාර්ය හර්ෂ විජයවර්ධන බින්දුව අරබයා දක්වන අදහස වන්නේ සිංහල ලිත් ඉලක්කම්වල දැක්වෙන හල් කරන සංකේය වන්නේ බින්දුව යන්නය. තවද එය ඉන්දියාවේ බින්දුවට දක්වන තිත සංකේතයට වඩා පැරණි විය යුතු බව ඔහුගේ අදහසයි. ඒ අනුව මෙම පරිවර්තනය බින්දුව විෂයක උද්‍යෝගිමත් පාඨක මනසට සොඳුරු කමටහනකි.
සම්මානලාභී ලේඛක
බාහිර කථිකාචාර්ය
නාලක ජයසේන
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.