බූර්නරංගේ එන්නා බුහුට්ටේ
සමහර කතා අහවර වෙන්නේ එව්වා පටන් ගන්ටෝනි තැනින්. තවත් සමහර කතා පටන් ගන්නේ එව්වා අහවර වෙන්ටෝනි තැනින්.
බොලාට කියන්ට, කවට උන්දගේ කතාව කොහෙන් පටන් අරන් කොහෙන් අහවර වෙනවද කියන්ට මං වත් දන්නෙ නෑ. ඒත් මට තාමත් උන්දා හුස්ම ගන්න හඬ ඇහෙනවා.
දික්හැල්ලේ ඉඳන් රටැඹිල්ලවත්තෙන් එතෙර වෙලා සෙංකඩගලට ගෙහුං එතනින් ආපහු මළල්දෙල්ගමට ආපු, ආයෙමත් මළල්දෙල්ගම ඉඳන් හින්නිකිතර නඩේක කරපිටින් සෙංකඩගලට ආපු කවට උන්දගේ කතාව අහවර වෙච්චි තැන ඉඳන්, ඒ කතාව ආපහු පණගහන්ට දතකන ලීලේ මං මේ ඇස් දෙකෙන්ම දැකලා තියනවා. ඒකයි මට කට පියන් ඉන්ට බැරී.
මං තාමත් කවට උන්දා ගැන විතරක් නෙමෙයි, මැණිකා ගැන, මියුලි ඇත්ති ගැන වගේම සොබනී ගැනත් හිතනවා බොලව්. තමුන්ගේ කතා සේරෝම ගෙනත් බොලාගේ හිත්වලට හලන්ට කියලා උන් මට හැමතිස්සෙම කියනවා වගේ මට දැනෙනවා.
මොනවා උනත් මේක මතක තියාගනිල්ලා.
“ගෑනියෙක් බැණුමක් ඇහෙද්දිත් නිස්සද්දව ඉන්නවා නං, ඒ ගෑනි කාටම හරි ආදරෙයි.”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.