Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / බුද්ධි පරීක්ෂණය හා අභියෝග්‍යතාව 04

බුද්ධි පරීක්ෂණය හා අභියෝග්‍යතාව 04

ප්‍රකාශක (Publisher): H D K Publishers
About this book

මෙම ග්‍රන්ථයෙහි කතුවරයා වන සංදීප් ප්‍රකාශ් සිරිවර්ධන මහතා මේ වනවිට ලංකා ගණකාධිකාරී සේවයෙහි නියැලී සිටී.මීට පෙර වසර 13 ක ශ්‍රි ලංකා ගුරු සේවයේ ලද අත්දැකීම් සහ පිළිතුරුපත් ඇගයීමෙහි නියැලෙමින් ලද අත්දැකීම් සම්භාරය ද මොහු සතුය. උසස් තරග විභාග සදහා බුද්ධි පරීක්ෂණය සහ අභියෝගතාවය පිළිබද පෞද්ගලික උපකාරක පන්ති මෙහෙයවන දේශකවරයෙක් වශයෙන්ද මොහු කටයුතු කරයි.

 

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ආවසරික අදියර සමත් මෙම ග්‍රන්ථ කතුවරයා ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පීය ආයතනයේ සාමාජිකයෙක් ද වන අතර ඔහු විසින් ව්‍යාපාර කළමනාකරණවේදී(ගණකාධිකරණ) විශේෂ ගෞරව උපාධිය, අධ්‍යාපනපති උපාධිය, පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමාව ආදී වෘත්තීය සහ ශාස්ත්‍රීය සුදුසුකම් ද සපුරාලීමට සමත් වී ඇත.

විවිධ ක්ෂේත්‍ර තුළින් ලබාගත් දැනුම, පළපුරුද්ද හා ප්‍රායෝගික අත්දැකීම් තුළින් ලද දැනුම් සම්භාරය මොහු විසින් තම ග්‍රන්ථය සම්පාදනය කිරීමේදී මනා ලෙස උපයෝගී කොට ගෙන ඇත. පාඨකයාට වර්තමාන උසස් තරග විභාග අභියෝග ජයගැනීම සදහා අත්වැලක්වීමේ දැක්වීමේ අරමුණින් ඉතා සරලව ගැඹුරු විෂය කරුණු පැහැදිලිව අන්තර්ගත කරමින් පාඨකයා වෙත එම දැනුම සම්ප්‍රේෂණය කිරීම සදහා කතුවරයා විසින්  ̈බුද්ධි පරීක්ෂණය හා අභියෝග්‍යතාව” පොත් පෙළ ඉදිරිපත් කර ඇති අතර එහි සිව් වන ග්‍රන්ථිය ද මෙලෙසින් සම්පාදනය සදහා දරා ඇති ප්‍රයත්නය අගය කොට සලකමි.

පද්මිණී රණවීර

සභාපති

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව

ISBN
9789555394543
පිටු ගණන (Pages)
196
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බුද්ධි පරීක්ෂණය හා අභියෝග්‍යතාව 04

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.