බුදුදහම විමර්ශන හා විචාර
“දහම සම්බන්ධ ගැටලු සහ පැතිර ඇති දුර්මත රැසක් හඳුනාගෙන මූලික දේශනාවන්ට අනුකූලව ඒවා නිරාකරණය කර දෙන කෘතියක් ලෙස, ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි සූර්න් විසින් සම්පාදනය කර ඇති 'බුදුදහම විමර්ශන හා විචාර' කෘතිය පාඨක ලෝකයා වෙත හඳුන්වා දිය හැකිය. නිතර බෞද්ධ සමාජයේ අසන්නට ලැබෙන ප්‍රශ්න විසි පහක් පිළිබඳව මෙහි විමැසුම් ඉදිරිපත් කර තිබේ. ඒ අතර බොහෝ දෙනා විසින් දිට්ඨානුගතියෙන් දිගින් දිගට පවත්වා ගෙන එන, දහමට අනුකූල නොවන වියත් ප්‍රකාශන පිළිබඳව ද පෙළදහමට අනුකූලව විචාරයට ලක් කර තිබේ. දහම ප්‍රායෝගිකත්වයට නංවනු කැමැති පාඨකයනට පිරිනැමෙන සප්‍රයෝජනවත්, අදට අත්‍යවශ්‍යව ඇති, උත්කෘෂ්ට ධර්ම සංග්‍රහයක් බව වෙසෙසින් සඳහන් කළ හැකිය.”
ශාස්ත්‍රපති පූජ්‍ය කොස්වත්තේ අරියවිමල හිමි
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.