බෞද්ධ ආකල්පය
අපේ සමාජය අනේකවිධ ගැටලු සහ අරගලවලින් ගහණව පවතියි. මේවා නිරාකරණයට නම් මිනිසාගේ ආකල්පමය පරිවර්තනයක් විය යුතු බව සමාජ විද්‍යා හදාළ උගත්හු නිතර පෙන්වා දෙති. මිනිසාගේ ආකල්ප ගොඩනැඟීමට ප්‍රධාන වශයෙන් පදනම් වන්නකි, ආගම දහම. දීර්ඝ ඉතිහාසගත කාලයක් තුළ ශ්‍රී ලාංකික සමාජය සකස් වූයේ බුදුදහමේ ආභාසයෙනි. සොඳුරු ආකල්පයන් ගෙන් සමන්විත මිනිසුන් නිසා භෞතික වශයෙන් ද දියුණු වූ සාමකාමී සංතෘප්ත සමාජයක් ශ්‍රී ලංකාවේ පැවතුණේ එහෙයිනි. එහෙත් වර්තමානය වන විට අසහනයෙන් පෙළෙන මිනිසුන් ගහණ අසෝබන තත්වයක් උද්ගත වී තිබේ. යළිත් බෞද්ධ ඉගැන්වීම් අවධාරණය කළ යුතුව ඇත. මේ පොත ඒ සඳහා මග පෙන්වයි.
මෙහි කර්තෘ ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි මහතා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ලෙස සේවය කොට විශ්‍රාම ලබන විට අධ්‍යාපන පරිපාලන සේවයේ පළමුවන පන්තියේ නිලධාරියෙකි. කලක් ඔහු කැලණිය විශ්වවිද්‍යාලයයේ බෞද්ධ හා පාලි පශ්චාත් උපාධි ආයතනයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කළේය. බුදුදහම විෂය කොට ගත් ශාස්ත්‍රීය හා සරල කෘති ගණනාවක් ඔහු පාඨක ජනතාවට ප්‍රදානය කර ඇත.
ධනසේන විතානවසම්
හිටපු ප්‍රාදේශීය ලේකම්
සාම විනිසුරු
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.