ධම්මානන්දාභිනන්දන
''බුදුදහම දැනුම, ප්‍රඥාව හා අවබෝධය පදනම්
කරගෙන විකාශය වූ අදේවවාදී ආගමක් හා දර්ශනයක්
වශයෙන් හැඳින්වේ.බුදුසමය ප්‍රඥාවන්තයගේ ම සුඛවිහරණය උදෙසා සකස් වූවකි.
යථාර්ථාවබෝධය ප්‍රඥාවේ ආවසානික ප්‍රතිඵලයයි.
තර්කය තුළින් සත්‍ය මෙන්ම අසත්‍ය ද යහපත මෙන්ම
අයහපන දෑ නිවැරැද්ද මෙන්ම වැරැද්ද ද ජනගත කළ
හැකිය.බෞද්ධ ඥාන විභාගයෙහි දී සම්මුති සත්‍ය
අවබෝධයෙහි ලා තර්කය හා න්‍යාය යන දාර්ශනික
ප්‍රස්තුථ වලට වැදගත් අවධානයක් හා අවකාශයක් හිමි වේ.
තර්කය හා න්‍යාය ශාස්ත්‍ර කෙරෙහි බෞද්ධ ආකල්පය,
එහි සමාරම්භය,ඥාන ගවේෂණයෙහි ලා ඒවායෙහි
උපයෝගීතාව ආදී බෞද්ධ තර්ක නනය අධ්‍යයනය
පිළිබඳ හැදෑරීමට අවශ්‍ය ගුණාත්මක ශාස්ත්‍රීය
මූලාශ්‍රයයන් නූතනයෙහි ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල
හා උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයන්හි විරල ය.
අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක
මාහිමි ප්‍රධාන සානුනායක විංශද්වර්ගික කාරක මහා
සංඝසභාවේ සමාන ඡන්දයෙන් අප ගුරුදේවෝත්තම
මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි
මහාවිහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී, මැදගම
ධර්මකීර්ති ශ්‍රී ධම්මක්ඛන්ධ ධම්මානන්දාභිධාන මාහිමිපාණන්
වහන්සේ මහනුවර ඓතිහාසික සුදුහුම්පොළ රජමහා
විහාරයෙහි අභිනව විහාරාධිපති නායක මාහිමියන් වශයෙන්,
තෝරාපත් කොට එහි ශ්‍රී සන්නස් පත්‍රය පිරිනමන මෙම
ඓතිහාසික හා පූජනීය අවස්ථාවේ දී උන්වහන්සේට
උපහාරයක් වශයෙන් ප්‍රායෝගික වටිනාකමක් ඇති මෙවැනි
විරල ශාස්ත්‍රීය සංග්‍රහයක් ශාස්ත්‍රීය ලොවට දායාද කිරීමට
ලැබීම මහත් සතුටට කරුණකි”.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.