සිපීර්

Special Price රු. 520.00 Regular Price රු. 650.00
In stock
SKU
seeper-mo-la-senevirathna-opiuma-books-grantha-distribution

තුවක්කු අතින් ගත් සිරකරු පිරිසක්. නිලධාරී පාලනය ගිලිහී ගිය සිරගෙයක්. ගිනි අවියක් අතැතිව මේසයක් මත නැගි සිරකරුවෙක්, නිලධාරින්ගේ මව්වරු අමතයි. මංකොල්ලකරුවන් ඩිස්පැන්සිරියට කඩා වදියි. 'නිල්ලෙ සොයා' පෙත්ත ඔවුන්ගේ ඉලක්කයයි. පැහැරගත් බෙහෙත් බී, මත් වී සිනාසෙයි. සිහිවිකල්ව එහේ මෙහේ ඇවිදියි; නවතියි.

කඳුළු ගෑස් ටින් අහසින් පාත්වෙයි. දුමාරය පැතිරෙයි.

අන්ධකාරයේ ගිනිඅවි පත්තු වෙයි.

...........................

කාර්යාල මේස මත මළමිනී තුනක්... ගැඹුරු කටහඬක්..

'තව මරලා ඉවරයක් නැද්ද? නිහඬතාවක්.

...........................

වෙඩි හඬක්

...........................

වෙඩි හඬක්

...........................

වේලාව උදෑසන 7 යි.

Back to Top