Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / ඡායාරූපමය පුවත්පත් කලාව

ඡායාරූපමය පුවත්පත් කලාව

ප්‍රකාශක (Publisher): අහස මීඩියා - Ahasa Media Works
About this book

ප්‍රභාලේඛන කලාව සෛද්ධාන්තික ව සහ ප්‍රායෝගික ව හැදෑරූ ස්වල්ප දෙනා අතුරින් උදිත ගයාෂාන් ගුණසේකර ඉස්මතු වී පෙනෙන්නෙකු බව මගේ නිහතමානී කල්පනාවයි. ලලිත කලා විෂයය හා අනුබද්ධිත ව ප්‍රභාලේඛන කලාව ඉගැන්වෙන එක ම උසස් අධ්‍යාපන ආයතනය කැලණිය විශ්වවිද්‍යාලය යැයි මම සිතමි. එහි විෂයභාර කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරන උදිත තමා ලැබූ දැනුම හා ශාස්ත්‍රීය අත්දැකීම් සිංහල පාඨක ජනතාවට නොමසුරු ව ප්‍රදානය කරන්නට ගත් අවංක ව්‍යායාමයක් ලෙස ඡායාරූපමය පුවත්පත් කලාව යන කෘතිය හඳුන්වාදිය හැකි ය.

මෙම කෘතිය පිළිබඳ ව උදිත සඳහන් කරන්නේ “මා මෙහි දී සිදුකොට ඇත්තේ පුවත්පතෙහි ඡායාරූපීය යෙදීම් පිළිබඳ ඔබ හොඳින් දන්නා දේ කිසියම් එල්ලයක් ඇතිව පෙළගැන්වීම ය. ඒ අනුසාරයෙන් අද දවසේ ඔබ දකින පුවත්පත් ඡායාරූපයකින් වෙනදාට වඩා වැඩි යමක් අවබෝධ කරගත්තට හැකියාව ලැබේ නම් මගේ වෑයම සඵල වී යැයි සිතේ.” යනුවෙනි. එම අරමුණ ම මෙම කෘතියේ කාලීන අවශ්‍යතාව සලකුණු කරයි.

උදිතගේ 'ඡායාරූපමය පුවත්පත් කලාව' තවත් එක් විශේෂත්වයක් දරා සිටී. එනම්, මෙය විශ්වවිද්‍යාලයක දර්ශනපති උපාධියක් සඳහා ඉදිරිපත් කළ ශාස්ත්‍රීය නිබන්ධනයක් ඇසුරින් සකස් වූවක් වීම ය.

ඡායාරූපමය පුවත්පත් කලාව පිළිබඳ වැඩි අවධානයක් යොමු ව පවතින මෙවන් අවධියක මෙබඳු කෘතියක් ඉදිරිපත් කිරීමෙන් උදිත ගයාෂාන් ගුණසේකර සිදුකොට ඇත්තේ ප්‍රශංසාර්හ මෙහෙවරකි. මෙම කෘතිය පාඨක, විචාරක දෙපාර්ශවයෙහි ම නොමඳ අවධානයට යොමු විය යුතු ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ලෙස හඳුන්වාදෙනු කැමැත්තෙමි.

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු හිටපු මානව ශාස්ත්‍ර පීඨාධිපති කැලණිය විශ්වවිද්‍යාලය

ISBN
9789557861319
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඡායාරූපමය පුවත්පත් කලාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.