colors of love (ආදරේ පාට පාටින්...)
About this book
ආත්මයක් නිරුවත් කරන්න පුළුවන් තරමේ නිදහස් හැඟීමක්
ඔයාට එයා ළඟදි දැනෙනවා නම්,එයාට ඔයා ළඟදි දැනෙනවා
නම් මතක තියා ගන්න ඒ තමයි ආදරේ....
මැරෙන්න කලින් එකම එකවතාවක් හරි
“මං ඔයාට ආදරෙයි”
කියන වචන ටික අහන්න තරම්,
මේ ලෝකේ හැමෝම වාසනාවන්ත වෙන්න ඕනි කියලා,
ඔයාලට හිතිලම නැද්ද...?
මතකයි නේද..?කූඹි ඒ කියන්නේ ආදරෙයි කියලා...
“හීන තමයි මිනිස්සුන්ව ජීවත් කරවන්නේ,
හීන තමයි අපේ ජීවිත වලට හුස්ම දෙන්නේ.
හීන කවමදාවත් මිනිස්සුන්ව මරන්නේ නෑ,ජීවත් කරවනවා.
දවසක.....
කියන බලාපොරොත්තුවට ජීවිතේට වෛර කරන මනුස්සයෙක්ට
වුනත්,ජීවිතේ දෙන්න පුළුවන්.”
හුස්ම නවතින මොහොත වෙනකල්ම,
එකම විදියට හිත කීරිගැහෙන හැඟීමකින්,
අපිට ආදරේ කරන්න පුළුවන් තෙත කළු හොම්බක
ආදරේ,
ජීවිතේ එකම එක වතාවක් හරි ඔයාලා හැමෝටම
විදින්න ලැබෙන්න ඕනි..
Details
ISBN
9789554461918
පිටු ගණන (Pages)
91
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review