Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කොරියැන්ඩර්
About this book

මෙය දහ හත්වන ශත වර්ෂයේ විසූ කොරියැන්ඩර් හොබී නම් දැරියකගේ කතාවයි. එංගලන්තයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ එකම දියණිය වන ඇය 1649 වර්ෂයේ, එංගලන්තයේ පැවැති සිවිල් යුද්ධයට පෙර තේම්ස් නදිය අසල සුන්දර නිවහනක දෙවවුපියන් සමඟ ඉතා සාමකාමී ජීවිතයක් ගෙවන කෙළිලොල් දැරියකි. ඇයගේ ජීවිතය අද්භූත සිද්ධි දාමයකින් වෙලී යන්නට පටන් ගන්නේ අභිරහස් ලෙස ලැබෙන රිදී පාවහන් යුවල පැලඳීමෙන් පසුය. ඇයගේ මව වන සුන්දර එලිනෝර් අද්භූත ලෙස අසනීප වී අකල් මරණයකට පත් වේ. ඇයගේ පියා තෝමස් හොබී, පළමුවන චාර්ල්ස් රජුට පක්ෂපාතීත්වය දැක් වූ අයෙක් බැවින් ඔලිවර් ක්‍රොම්වෙල් ට හිතැති පියුරිටන් වරුන්ගේ ගැහැටවලට ලක්වේ. රාජ සන්තක වන්නට යන දේපල රැකගැනීම උදෙසා පියුරිටන් වැන්දඹුවක් හා විවාහ වන තෝමස් හොබී ගේ ජීවිතය වෙනස් වන ආකාරය සහ කොරියැන්ඩර් ට විඳින්නට සිදුවන ගැහැට මෙහි විස්තර වන්නේ, එංගලන්තයේ එවකට සිදුවෙමින් පැවති සමාජීය සහ ආගමික විපර්යාසයන් පසුබිම කරගෙනය. කොරියැන්ඩර්, ඇය නොහඳුනන ලොවකට යාම, එහිදී ඇයට ටයිකෝ කුමරු හමුවීම, ඇය ටයිකෝ කුමරු සමඟ ආදරයෙන් බැඳීම යන උපකල්පන ද මුසු කරගනිමින් නිමවෙන අපූරු ප්‍රබන්ධයකි “කොරියැන්ඩර්”.

ISBN
9789556973525
පිටු ගණන (Pages)
290
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කොරියැන්ඩර්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.