දඩබ්බර ඇස්
“මේ අහනවා.. මේක විහිළුවක් නෙමෙයි මෝඩියේ.. ඒකවත් තේරෙන්නේ නැද්ද..? ආහ්.. මෙහෙම හිතනවකෝ එක විනාඩියකට.. මම විවාන් දේවනාරායන නෙමෙයි නම්.. එහෙමත් නැත්තන් මම සනෝජා දේවනාරායනගේ පුතා නෙමෙයි නම්..
“මගේ උත්තරය ඒකමයි.
“ඔහොම ඉන්නවා පොඩ්ඩක්.. මම තාම ප්‍රශ්න අහලා ඉවර නෑ.. ඒක අහලා ඉන්නවා උත්තර දෙන්න පනින්න කලින්..”
“ඒත් මගෙන් මේ අහන්න යන දේ දන්න නිසයි මම මට දෙන්න තියෙන උත්තරේ වේලාසනින්ම දුන්නේ.. අනික සර් මාත් එක්ක මේ විදියේ දේවල් කතා කරලා සර් කරන්නේ තමන් යාළුවෙලා ඉන්න ගෑනු ළමයාට ලොකු වැරැද්දක්.. එයා සර්ව ගොඩාක් විශ්වාස කරනවා ඇති.. සර්
වෙනුවෙන් එයාගේ හිතේ බලාපොරොත්තු ගොඩක් ඇති.. එහෙම එකේ සර් මෙහෙම හැසිරෙන එක සම්පූර්ණයෙන්ම වැරදියි.. ඒ නිසා ඒකට මගේ පැත්තෙන් කිසිම අනුබලයක් ලැබෙන්නේ නැහැ..
අදිති විවාන්ට කතා කරන්න ඉඩක් නොතියාම කතා කළා. ඊළඟ තප්පරේ අදිති කැබින් එකෙන් එළියට ගියේ විවාන්ගේ මුළු කැබින් එක පුරාම අදිතිගේ සුවඳ ඇති වෙන්න ඉතුරු කරලායි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.