දෑරංගල කොළ කැඳ පුරාණය
2019 වසරේ සිට සූරියවැව, මීගහජදුර ග්‍රාමීය ආයුර්වේද රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සේවය කරන වෛද්‍යාචාර්ය ටී. වී. පාලිත උදයංගන පුෂ්පකුමාර මහතා විසින් ලියන ලද දෑරංගල කොළ කැඳ පුරාණය ග්‍රන්ථය ඉතා සරල බසින් ශාස්ත්‍රීය විෂය කරුණු සහිතව ඉදිරිපත් කර ඇත.
ක්ෂණික ආහාර රටාවකට හුරුව ඇති මිනිසාව, එයින් මුදවා නීරෝගීමත් ජීවිතයක් උරුම කර දීමට කොළ කැඳ වැනි සොබාදහම හා බැඳුණු දේශීය ආහාරයක අගය වටහා දීමට කතුවරයා මේ තුළින් උත්සහා දරා ඇත. එබැවින් ඔහු විසින් රචිත විවිධ ශාස්ත්‍රීය ග්‍රන්ථයන් අතර මෙම ග්‍රන්ථය සුවිශේෂී ස්ථානයක් හොබවයි.
ආයුර්වේදයේ ඉදිරි ගමනට දායක විය හැකි මෙබඳු ශාස්ත්‍රීය ග්‍රන්ථ තව තවත් ඉදිරි පරපුරට හා සමාජයට දායාද කිරීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවායි එකසිතින් ප්‍රාර්ථනා කරමු.
ආයුර්වේද වෛද්‍යාචාර්ය පී. ඒ. ආර්. නදීකා
ඌව පළාත් ඖෂධ නිෂ්පාදනාගාරය,
මිරිස්වත්ත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.