ඉවසීමේ සීමාව ඉක්මවා ගිය තැන, ඇය ලියූ උපදෙස් ඇයම ක්‍රියාත්මක කරනු ඇත! ඩෙබ්රා මුලන්, දහස් ගණනකගේ බිඳුණු ජීවිතවලට උපදෙස් දෙන විසඳුම්කාරියකි. සිය 'ඩියර් ඩෙබී’ උපදේශන තීරුවට ලියන පීඩිත කාන්තාවන්ට, ඈ සෙනෙහසින් සහ බුද්ධියෙන් මඟපෙන්වූවාය. එහෙත්, අනුන්ගේ ජීවිතවල අඳුර දුරැලූ ඩෙබීට, තමන්ගේම නිවෙස තුළ දිගහැරෙන බියකරු අඳුර මඟහැරිණි.
එක් ඇසිල්ලකින් සිය රැකියාව අහිමිවීමත්, නවයොවුන් දියණියන් දෙදෙනාගේ අද්භූත හැසිරීමත්, සැමියාගේ රහසිගත ඇමතුම් අතරත් සිරවන ඩෙබී අවසානයේ තමන්ගේ පරමාදර්ශී ලෝකය, සිය දෑස් ඉදිරිපිටදීම දැවී අළු වී යන බව වටහාගත්තාය.
ඉන්පසුව ඇරඹෙන්නේ, අහිංසක ඩෙබීගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය කාලයයි! අනුන් වෙනුවෙන් ලියූ උපදෙස් තමා විසින්ම ක්‍රියාවට නංවන කාලයයි!
ද්‍රෝහී වූ සියල්ලන් වෙනුවෙන් සැලසුම් කරන ඒ සූක්ෂ්ම පළිගැනීම කෙතරම් දරුණු විය හැකිද? පරෙස්සම් වන්න! ඔබ රහසක් යැයි සිතන දෙය ඩෙබී දැනටමත් දැනසිටිය හැක!
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.