Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දෙහදක සටන
About this book

කැරොලයින් ෆෙයි එම ඍතු ලන්ඩන් සැණකෙළියේ වඩාත් ආකර්ෂණයෙන් යුතු තරුණිය වූවාය. මාකි වුල්කන් සහ ආර්යාවගේ දහහත් හැවිරිදි දියණිය වූ ඇය කුප්‍රකට සර් මොන්ටේගු රෙවස්බි විසින් ලන්ඩන් සිට සෙවන් ඕක්ස් වෙත අස්රිය ධාවනයකට පොළඹවා ගන්නේ උපක්‍රමශීලීවය. ඔහු අතරමඟ ගම්බද නවාතැන්පොළක් අසල රිය නවත්වන්නේ ඇක්සලයේ කැඩී යාමක් ගැන කියමිනි. මෙය නවාතැන්පොළේ ඇය සමඟ රාත්‍රිය නවාතැන් ගැනීම සඳහා සර් මොන්ටේගු විසින් කළ කූට සැලැසුමක් බව දැනගැනීමෙන් ආර්යා කැරොලයින් භීතියට පත්වේ.

නවාතැන්පොළෙන් පැන යන ආර්යා කැරොලයින්ට බ්‍රෙකොන් සාමිවරයා මුණගැසෙන්නේ අහම්බයෙනි. අනතුරුව රහස් සැඟවුනු බ්‍රෙකොන් මාලිගයට උපායෙන් ඇතුලුවන ඇය එහි දරුණු බිය ජනක රහස් රාශියක් තිබෙන බව දැනගනියි. එහිදී භයානක මිනීමැරුමකට ට්‍රෙකොන් සාමිවරයා සම්බන්ධ කිරීම සඳහා වූ කුමන්ත්‍රණය ව්‍යර්ථ කරන ඇයට අත් දැකීමට සිදු වන්නේ ප්‍රමෝදය සහ හද කකියවන අපකීර්තියයි. අවසානයේ ඇය පරිපූර්ණ ප්‍රීතිමත් බව අත්කර ගත්තේ කෙසේද යන්න මේ සරාගී මෙන්ම භීතිය ඇතිකරවනසුලු සාහසික ප්‍රේම වෘතාන්තයේ සටහන්ව ඇත.

ISBN
9786245664559
පිටු ගණන (Pages)
303
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දෙහදක සටන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.