ධම්ම පදයෙන් ගාථා 100ක්
බෞද්ධයාගේ අත් පොත වශයෙන් චිරාත් කාලයක් ලංකා වාසීන් මෙන් ම ලෝක වාසීන්ද භාවිතා කළ ධම්ම පදය ලෝකයේ විවිධ භාෂාවන්ට පරිවර්තනය වී ඇති අතර එයින් සැනසීම ලද පිරිස අති විශාලය. ධම්ම පදයෙන් ගාථා 100ක් නම් වූ මෙම ග්‍රන්ථය සකස් කිරීමේදි චරිතවත් හා දැහැමි දිවියක් තුළින් නිවන් මගට ප්‍රවිශ්ට වීමට අපේක්ෂා කරන බෞද්ධ ජනතාවට මෙන් ම අනෙකුත් සැදැහැවතුන්ට ද, පැහැදිලිව අවබෝධ කර ගත හැකි වන අයුරින් එම ගාථාවන්ට අදාළව තේරුම් සහ වචනාර්ථයන් ගෙනහැර දැක්වීමට කතුවරයා උත්සහ ගෙන ඇත.
මෙහි මුල් ග්‍රන්ථයේ සඳහන් අර්ථ පැහැදිලි කිරීම් සහිත ධම්ම පද ගාථා සමූහයක් සාමාන්‍ය පාඨක ජනතාවට ද, පරිහරණය කිරීම සඳහා අවස්ථාව ලබා දීම තුළින් කතුවරයා ගෙන ඇති උත්සාය අගය කරමි. විශේෂයෙන් බෞද්ධ ජනතාවට සිය අරමුණ වන නිවන් මග ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ඉවහල් වන සත්තිස් බෝධි පාක්ෂික ධර්ම හඳුන්වා දීමට ද, කතුවරයා උත්සහ කර ඇත. සත්තිස් බෝධි පාක්ෂික ධර්ම පිළිබඳව ගැඹුරට හදාරණ අයෙකුට මෙම මූලික මග පෙන්වීම පිටුවහලක් වේ යැයි සිතමි. තව දුරටත් මෙවන් ග්‍රන්ථ පළ කිරීමට කතුවරයාට ධෛර්ය ශක්තිය ලැබේවායි පතමි!
පූජ්‍ය කළුගමුවේ නාරද ස්ථවිර
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.