Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / මෛත්‍රී භාවනාව

මෛත්‍රී භාවනාව

ප්‍රකාශක (Publisher): උදය ප්‍රකාශන - Udaya Publishers
ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

නිරන්තරයෙන් තරහව, වෛරය, ද්වේශය යන මනෝභාවයන්ගෙන් මනස පුරවාගත් මනුෂ්‍යයා සමාජයට පිවිසි මොහොතේ සිට එම කැකෑරෙන මනසින්ම ලෝකය දකියි. එවැන්නන්, පාලකයින්, නායකයින්, කළමණාකරුවන්, ලෝක නායකයින් ඊට අමතරව රියැදුරන් වශයෙන් සමාජයට පිළිපන් විට ඔවුන්ගෙන් සමාජය දූෂණය වන ආකාරය අද මුළු මහත් සමාජයම අත්දකිමින් සිටින අතර ඊට ගොදුරු වන්නන් විනාශ වන හැටි දිනපතා මාධ්‍ය මගින් අනාවරණය කරයි.

ලෝකයේ විවිධ රටවල් තුළ යුද ගිනි අවුළුවා, ඔවුන්ට ආයුධ විකුණමින් ලක්ෂ ගණනින් මිනිසුන් මිය යන විට ඒ දෙස බලා සතුටු වන ලෝක නායකයින් සමගම රටේ ජාතීන් අතර යුද ගිනි ඇවිල්වීමට පෙරුම් පුරන පූජකයන් හා දේශපාලකයන් සිය බලය හා ජනප්‍රියත්වය තහවුරු කර ගැනීම සඳහා වෛරය, අසහනය වපුරන ආකාරයද, තම ආයතනය තුළ අසමගිය හා වෛරය බෝ කරන පාලකයන් හා කළමනාකරුවන්ද දිනපතා සිය ගණනින් මරණයට යොමු කරන රියැදුරන් ආදීන්ගෙන්ද මුළු සමාජයම දූෂණය වී ඇත. මෙවන් සමයක අනෙකා දෙස මෙත් සිතින් බලන්නට හුරු කිරීම සමාජයේ යහ පැවැත්මට අතිශයින් අවශ්‍යය. ඒ සඳහා උනන්දුවන අයට බුද්ධ දේශනා ඇසුරින් සකස් කරන ලද මෙම ග්‍රන්ථය මහත් අස්වැසිල්ලක් බව හඳුන්වා දෙම්.

- පූජ්‍ය කල්ගමුවේ නාරද ස්ථවිර

ISBN
955
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මෛත්‍රී භාවනාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.