නිවනට මග 4 - ආර්ය සැපය
නික්ලෙස් උතුමන් විසින් අත් විඳින යම් වූ සැනසිල්ලක් වේ නම් එය "ආර්ය සැපය" ම වන්නේ ය. එය තථාගත ශාසනයකම ආර්යයන් වහන්සේලා විසින් ලබන උතුම් සුවය වේ. එය තෙවදෑරුම් වේ. එනම් ආර්ය ධ්‍යාන සමාපත්තිය, ඵල සමාපත්තිය, සංඥා වේදයික නිරෝධ සමාපත්තිය වශයෙනි. මෙය තථාගතයන් වහන්සේලා විසින් ම දේශිත වන්නේ ය. එම සොඳුරු මග වඩා සසර බිය දකින නුවණැත්තෝ විසින් සකල කෙලෙස් නසා දිට්ඨ සුඛ විහරණයට ඉහත ආත්මයේ දී ම උපයා සපයා වාසය කරන්නේ ය.
බුදු සසුනෙහි ආර්ය ශ්‍රාවකයකු ප්‍රාණඝාතයෙන් වෙන් වී ජීවත් වන්නේ ද, හෙතෙම අප්‍රමාණ වූ සත්ත්වයන්ට අභය දෙයි. විපුල කොට ලබා දෙයි. අවෛරී වූ සිතින් කල් ගෙවයි. නිදුක් බව ලබා දෙයි. එසේ ලබා දී අග්‍ර වූ සැපයට හිමිකම් ලබයි. මෙය ලොව්තුරා බුදු බවට පත්වෙන උතුමන් වහන්සේලාගේ වංශයම වන්නේ ය.
කාමයන්හි දෝෂය ප්‍රමාදය දැක මැදුම් මාවතෙන් සිත දියුණු කොට ආර්ය දහමට රජවරු පවා පත්විය. මෙකල ලෝකයා කමිසැපයට ගිජුව සතර අපාය ම පතන්නේ ය. සැපයට කැමැත්තෙන් "කප්පින තෙරුන්වහන්සේ" ආදර්ශයට ගෙන අප්‍රමාද දහම ඔස්සේ ආර්ය සැපයට පත් වීමට මෙම පොත පරිශීලනය කොට වීර්යය වඩන්වා!
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.